පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හතරකට බලපැවැත්වෙන පරිදි හෙට (ජුනි 26) සිට ජුලි 02 දක්වා දින හතක කාලයක් සුරාසල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
ඒ අනුව නැගෙනහිර නුවරගම් පළාත, මධ්‍යම නුවරගම් පළාත, මහවිලච්චිය හා මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල ඇති සුරාසල් එම කාලය තුළදී වසා තබනු ඇත.
සුපුරුදු ලෙස පොසොන් පොහොය දින යෙදෙන ජුනි 29 වැනිදා රටපුරා සියලු සුරසල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිවේදනය අනුව පැහැදිලි වේ.
