ක්‍රිෂ් නඩුවේ ඉන්දීය සාක්ෂිකරුවන් දෙදෙනෙකුට සිතාසි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන සුප්‍රකට “ක්‍රිෂ් ගනුදෙනුව” පිළිබඳ නඩුවේ ඉන්දීය ජාතික සාක්ෂිකරුවන් දෙදෙනෙකු වෙත විධිමත් ලෙස සිතාසි නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය අද (25) නියෝග කර තිබේ.

අදාළ සාක්ෂිකරුවන් දෙදෙනා වත්මන් තත්ත්වය යටතේ සෘජුව සම්බන්ධ කර ගැනීමට අපහසු වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව විනිසුරුවරිය මෙම පියවර ගන්නා ලදී.

ඒ අනුව, අධිකරණ සේවා කොමිෂන් සභා චක්‍රලේඛ ප්‍රතිපාදනවලට අනුකූලව විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමේ විශේෂිත නිල ක්‍රමවේදය ප්‍රකාරව මෙම සිතාසි යැවීමට පියවර ගන්නා ලෙස මහාධිකරණය නියෝග කර තිබේ.

ලංකාවේ රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ මුවාවෙන් ඉන්දීය ‘ක්‍රිෂ්’ සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබාගෙන එය සාපරාධී ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් නාමල් රාජපක්ෂට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading