හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ සහ සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (25) අත්අඩංගුවට ගෙන තිබේ.
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ නමැත්තා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ පනවා ඇති රඳවා ගැනීමේ නියෝගවලින් නිදහස් කර, වෙනත් බන්ධනාගාරයකට යොමු කිරීම සහ අපරාධ පරීක්ෂණ නිලධාරීන්ට අල්ලස් දී ඔහුව සාමාන්‍ය සිරකරුවෙකු ලෙස රඳවා ගැනීමට රුපියල් ලක්ෂ 1200ක (මිලියන 120ක) මුදලක් අල්ලස් වශයෙන් ලබාගෙන ඇති බවට චෝදනා මත මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
