ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීම සම්බන්ධයෙන් වන වැරදි සමබන්ධයෙන් මෙතෙක් පැවති රුපියල් දසදහසක් වූ දඩය රුපියල් ලක්ෂය දක්වා වැඩි කිරීමට ආණ්ඩුව යෝජනා කර ඇත.
එය ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීම සම්බන්ධයෙන් වන 1956 අංක 47 දරන පනතට සංශෝධනයක් ලෙසින් ඉදිරිපත් කර ඇති අතර ඊට අදාළ සංශෝධිත පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇත.
එම පනත් කෙටුම්පතට අනුව පවතින පනතේ 7,13 හා 20අ වගන්තිවල ඇති මූල්‍යමය දණ්ඩනය රුපියල් දසදහසක දඩයක සිට රුපියල් ලක්ෂයක දඩයක් දක්වා ඉහළ දැමීම සිදුකෙරේ.
