රෝහිත රාජපක්ෂගෙන් මිලියන 19ක ආයෝජනයක් ගැන ප්‍රශ්න කරයි

රුපියල් මිලියන 19ක මුදලක් මිරිහානේ පිහිටි ව්‍යාපාරික ආයතන දෙකක ආයෝජනය කිරීම සම්බන්ධයෙන් වන විමර්ශනයක් වෙනුවෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුතා වන රෝහිත රාජපක්ෂ පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන අංශයට අද (ජුනි 25) පැමිණ තිබේ.

එම ආයතන දෙකෙහි සිදුවී ඇති මුදල් සංසරණයන් පිළිබඳව පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සිදුකරන විමර්ශනයක් සම්බන්ධයෙන් මෙම ප්‍රකාශ ලබාගැනීම සිදුකරන අතර එහිදී එම ආයතනවල මූල්‍ය ගනුදෙනුවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ තහවුරු කර ගැනීමට නියමිත බව වාර්තාවේ.

එම තහවුරු කර ගැනීම්වලින් පසු අදාළ විමර්ශන පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කිරීමට පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කටයුතු කරන බව වැඩිදුරටත් වාර්තා වේ.

Author

Related Posts