මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් පිටව යයි !

ප්‍රශ්න­ගත එයාර් බස් ගනු­දෙ­නුව පිළි­බඳ සිදු කෙරෙන විම­ර්ශ­න­ව­ලට අදා­ළව ප්‍රකා­ශ­යක් ලබා දීම සඳහා අල්ලස් කොමිසමට පැමිණි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව යනු ලැබුවා.

එයාර් බස් ගනු­දෙ­නු­ව හරහා අල්ලස් වශ­යෙන් ලැබුණු මුදල් සැකකාර කපිල චන්ද්‍රසේන යන අය විසින් හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ කළ ඉල්ලී­ම­කට අනුව රුපි­යල් මිලි­යන 20 බැගින් අවස්ථා තුනක දී රුපි­යල් මිලි­යන හැටක් බෙලි­අත්ත නිවසේ දී සහ කාල්ටන් නි‍වසේ දී හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ වෙත ලබා දුන් බව අල්ලස් කොමිසම හමුවේ හෙළි කිිරීමෙන් අනතුරුව එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසම කළ දැනුම්දීමකට අනුවයි මෙලෙස හිටපු ජනාධිපතිවරයා අද උදෑසන 9.30 ට පමණ අල්ලස් කොමිසම හමුවට පැමිණියේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading