ප්‍රසිද්ධ රැස්වීමකදී තමන්ට අපහාස වන අන්දමේ ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා කරමින්, හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විසින් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන වෙත රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබේ.
නීතිඥ සම්පත් යාලේවත්ත මාර්ගයෙන් යොමු කරන ලද මෙම එන්තරවාසිය මගින් පෙන්වා දෙන්නේ පසුගිය මාර්තු 22 වනදා හෝ ඊට ආසන්න දිනක පැවති මාධ්‍ය හමුවකදී ප්‍රසාද් සිරිවර්ධන විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මූල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් අසත්‍ය සහ පදනම් විරහිත චෝදනා එල්ල කර ඇති බවයි.
මෙම එන්තරවාසිය මගින් කුමාර ජයකොඩිගේ වෘත්තීය ගෞරවය පිළිබඳව විශේෂ අවධාරණයක් සිදුකර ඇති අතර ඒ අනුව, ඔහු වසර 30කට අධික කාලයක විධායක මට්ටමේ පළපුරුද්දක් සහිත සුදුසුකම් ලත් ඉංජිනේරුවරයෙකු බවත්, සිය දීර්ඝ වෘත්තීය මෙන්ම දේශපාලන ජීවිතය පුරා නිකැළැල් චරිතයක් ගෞරවනීය චරිතයක් පවත්වාගෙන ගොස් ඇති බවත් එහි පෙන්වා දී තිබේ. ප්‍රසාද් සිරිවර්ධන මහතා විසින් සිදුකළ ප්‍රකාශය එවැනි ඉහළ පිළිගැනීමක් සහිත පුද්ගලයෙකුගේ කීර්ති නාමයට සෘජුවම හානි කරන්නක් බව නීතිඥවරයා එමගින් පෙන්වා දෙයි.
ගල් අඟුරු ආනයනය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ කටයුතු සඳහා පූර්ණ ස්වාධීනත්වය ලබා දීමේ අරමුණින් ඔහු මෑතකදී සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ බවද නීතිඥවරයා පෙන්වා දෙයි.
අදාළ අපහාසාත්මක ප්‍රකාශ හරහා ජයකොඩි මහතාගේ පෞද්ගලික කීර්ති නාමයට මෙන්ම ඔහු නියෝජනය කරන ජාතික ජන බලවේගයේ දේශපාලන ප්‍රතිරූපයට ද දැඩි හානියක් සිදුව ඇති බව නීතිඥවරයා අවධාරණය කරයි. මෙම ප්‍රකාශය හුදෙක් අහඹු ලෙස සිදුකරන ලද්දක් නොව, මහජනතාව තුළ ඔහු සහ ඔහුගේ පක්ෂය කෙරෙහි පවතින විශ්වාසය පළුදු කිරීමේ පැහැදිලි චේතනාවෙන් යුතුව සැලසුම් සහගතව සිදුකරන ලද චෝදනාවක් බව ද එම එන්තරවාසිය මගින් පෙන්වා දී තිබේ.
ඒ අනුව සිදුවූ අපහාසය වෙනුවෙන් වන්දි වශයෙන් රුපියල් මිලියන 500ක මුදලක් දින 14ක් ඇතුළත ගෙවන ලෙස ප්‍රසාද් සිරිවර්ධන මහතාට දැනුම් දී ඇත. නියමිත එම කාලසීමාව තුළ අදාළ වන්දි මුදල ගෙවීමට පියවර නොගන්නේ නම්, ඊට අදාළ නෛතික පොලිය සහ නඩු ගාස්තු ද සහිතව එම මුදල අය කර ගැනීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව එම එන්තරවාසිය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

අලුත් විදුලිබල පනත නිසා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ දත් ගැලවුනා, විදුලිබල මණ්ඩලය 4ට කැඩුනා, විදුලිබල මණ්ඩලය 4ට කඩන ගැසට එක දානකන් පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩිව තියාගත්තේ? දැන් වත් විදුලිබල පනතට නඩු දාන්න විපක්ෂේ බයයි ආණ්ඩුව දැන් ගන්න, ඒගොල්ලෝ IMF එකගයි, ඊලාම් එකට එකගයි, විදෙස් රටවල් පොහොසත් කරන්න එකගයි. රටට ජනතා වට පාඩු වන විදෙස් ගිවිසුම්වලට එකගයි පාඩු වන සුහුරු එකට එකගයි. තු නොදකින් ප්‍රජා ශක්ති තනිකරම ප්‍රාදේශීය ලේකම් කාර්යාල දේශපාලනිකරණය කරන්න හදපු ක්‍රියාන්විතයක් IMF නිසා බොර තෙල් මිල පහත දාන්නේ නෑ වන සංරක්ෂණ භූමි එළි පෙහෙළි කරන්න එපා සත්තු පව්. Climate Change, දේශගුණ විපරයාස,බොරුවක්, බහු ජාතික සමාගම්වලට සල්ලි හොයාගන්න ක්‍රමයක්.greenwashing ලංකාවේ ජෛව විවිධත්වය විකුනන්න එපා. වනානතර විකුනන්න එපා. green bonds එපා blue bonds එපා.පාරිසරික පනත සංශෝධනය කරන්නේ, වන සංරක්ෂණ ඉඩම් සමාගම්වලට දෙන්න ද? ජාතික බෞතික සැලැස්ම අනුව වන සංරක්ෂණ බුමි වල විදෙස් හමුදා කදවුරු හදන්න ද ඉන්දු පසිෆික් න්‍යාය පරාජය කරමු කෘතීම බුද්ධිය ට අපේ අනරක්ෂිත පද්ධති නිරාවර්ණය කරන්න එපා. කෘතීම බුද්ධිය මිනිස් පාලන්යෙන් තොර වි ගෙන යනවා, පිටරට වල, මිනිසුන් ට තර්ජනය කරනවා පරණ මුදල් විෂුදධිකරන පනත, පරණ මහ බැංකු පනත ගේනවිත් රාජ්‍ය මුල්‍ය පාලනය විදෙස් ණය ගෙවීම් මහ බැංකුවට දෙන්න. IMF එකෙන් ඉවත් වෙන්න. හර්ශන සුරියප්පෙරුම හිරේ දාල ප්රික්ෂණ මෙහෙය වන්න. නැන්දලාල් වීරසින්හ කෝ, හාන්ස විජසුරිය කෝ, ජනතා මුදල් සුරක්ෂා කරන තුරු ඩිගිටල් කරනය නවත් වන්න. දත්ත ස්වෛරි භාවය ආරක්ෂා කරන්න. පිට රට සිංගප්පුරු වේ ලංකාවේ දත්ත ගබඩා කරන්න එපා.දත්ත පාලනය සදහා ලංකාවේ තොරතුරු තාක්ෂන ආයතනයක් පිහිටුවා, ලංකාවේ IT අය ලියාපදින්ච් කරන්න.රාජ්‍ය මුල්‍ය, විදෙස් ණය කලාමනාකරන පනත මහ බැංකුව ස්වාදීන කරපු නිසා රටේ මුල්‍ය ආරක්ෂා ව ඉවර වුණා IMF නිසා විදුලිබල 4ට කැඩුව, දැන් ඉතින් නොනවත්වා, විදුලි බිල වැඩි කරයි, ලංකාවේ කුඩා ව්‍යාපාර මධ්‍යම ව්‍යාපාර ඉවර කරයි මුන් එකෙක් වත් අලුත් විදුලිබල පනතට විරුද්ද වුනේ නෑ ජංගි අරගලයට සහය දුන් කළාකරුවන් මාධ්‍යවේදීන් මාධ්‍ය,බහුජාතික සමාගම්,,වෘත්තීයවේදීන්, පුජක වරුන් ජාතියෙන් සමාව ඉල්ලා, වැඩි වු විදුලිබිල ගෙවන්න.ලංකාවේ උසස් අධ්‍යාපනය හා නිදහස් අධ්‍යාපනය අමෙරිකාවෙ කෘතීම බුද්ධියට බිලි දෙන්න එපා. කෘතීම බුද්ධිය ලංකාවේ සියලු දත්ත එකතු කරලා ලංකාවේ ශිෂ්‍යයන් නුගත් වනචාරීන් බවට පත් කරයි. මේ මිනී පෙට්ටියේ අවසාන ඇණයයි සමරිසි විදෙස් එජනත හරිනි අමරසුරිය වික්‍රමසිංහ, කරුණාකර, නිදහස් අධ්‍යාපනය ඉවර කරන්නේ නැතුව, ඉල්ලා අස්වෙන්න. අපේ දරු පරපුර පව්, ඔවුන් වෙනුවෙන් දෙමාපියන් ගුරුවරු ඉදිරිපත් වෙන්න.
කුමාර ජයකොඩි පට්ට හොරා උට මොන කිර්තිනමයක්ද දැනටත් හොරකමක් සම්බන්ධ නඩුවකට උසාවි යනවා