ඉකුත් අරගල සමයේ නිට්ටඹුව ප්‍රදේශයේ දී හිටපු පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහර දී ඝාතනය කිරීම සම්බන්ධ චෝදනා සඳහා ගම්පහ මහාධිකරණයෙන් වරදකරු කර මරණ දඩුවම නියම කරනු ලැබූ අයෙකු වන තරිදු සුනිල් රත්න යන අය ඊයේ (11) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම මරණය බන්ධනාගාර ගොඩනැගිල්ලකින් පහලට වැටීමෙන් සිදුව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වන බවත් බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරනු ලබනවා.
කෙසේ නමුත්, 29 හැවිරිදි තරිදු මියයන විට අධිකරණයෙන් නියම කරනු ලැබූ මරණ දඬුවම සම්බන්ධයෙන් අභියාචන ක්‍රියාවලියක නිරතව සිටි බවයි සඳහන් වන්නේ.
තම මව හා පියා රැකබලාගනිමින් ඔවුන් සමග ජීවත් වූ තරිදු අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ඔහුගේ පියා දැඩි ලෙස රෝගාතුරව අංශභාග තත්ත්වයට පත්ව ඇති අතර, මෙම මරණයත් සමඟ එකී පවුල්වල සාමාජිකයන් දැඩි මානසික පීඩනයකට සහ කම්පනයකට පත්ව සිටින බවයි වාර්තා .
