එයාර් බස් ගනු­දෙ­නුව සම්බන්ධ විම­ර්ශ­න­ව­ලට අදා­ළ ප්‍රකා­ශ­යක් ලබා­ගැ­නීම සඳහා මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට !

ප්‍රශ්න­ගත එයාර් බස් ගනු­දෙ­නුව පිළි­බඳ සිදු කෙරෙන විම­ර්ශ­න­ව­ලට අදා­ළව ප්‍රකා­ශ­යක් ලබා­ගැ­නීම සඳහා හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මීට සුළු මොහොතකට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව හමුවට පැමිණ තිබෙනවා.

එයාර් බස් ගනු­දෙ­නු­ව හරහා අල්ලස් වශ­යෙන් ලැබුණු මුදල් සැකකාර කපිල චන්ද්‍රසේන යන අය විසින් හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ කළ ඉල්ලී­ම­කට අනුව රුපි­යල් මිලි­යන 20 බැගින් අවස්ථා තුනක දී රුපි­යල් මිලි­යන හැටක් බෙලි­අත්ත නිවසේ දී සහ කාල්ටන් නි‍වසේ දී හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ වෙත ලබා දුන් බව අල්ලස් කොමිසම හමුවේ හෙළි කළ බව මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දීමෙන් අනතුරුයි මෙලෙස විමර්ශන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව හමුවට පැමිණෙන ලෙස හිටපු ජනාධිපතිවරයාට නොතිසී නිකුත් කරනු ලැබුවේ.  

කෙසේ නමුත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පැමිණීම අපේක්ෂා කරමින් පාක්ෂිකයන් අල්ලස් කොමිසම පිහිටි ස්ථානයේ රැඳී සිටින බව වාර්තා වන අතර, ඒ අවට ආරක්ෂාව තර කිරීම සඳහා පොලීසිය හා විශේෂ කාර්ය බළකාය ගෙන්වා ඇති බව ද වාර්තා වනවා.

2013 වසරේ දී ශ්‍රීල­න්කන් ගුවන් සමා­ග­මට එයා­ර් බස් A-330 ගුව­න්යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුව­න්යානා 08ක් මිලට ගැනීමේ දී, අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 02 ක මුද­ලක් අල්ලස් ලෙස ලබා­ගත් බවට ශ්‍රීල­න්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධා­යක නිල­ධාරි කපිල චන්ද්‍ර­සේ­න සහ ඔහුගේ බිරිය වන නියෝ­මාලි විජේ­නා­ය­කට චෝදනා එල්ල වී තිබුුුණා.

එහි දී ඒ සම්බන්ධයෙන් වන වි­මර්ශනවලින් අනතුරුව, කපිල චන්ද්‍ර­සේන අත්අ­ඩං­ගු­වට ගෙන කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරි­මෙන් අන­තු­රුව ඔහු ඇප මත නිදහස් කිරීමට හා විදේශ ගමන් බලපත්‍ර තහනම් කිරීමට අධිකරණය නියෝග කරනු ලැබුවා.

කෙසේ නමුත්, කපිල චන්ද්‍රසේන එම ඇප කොන්දේසි උල්ලංඝනය කරමින් කුලී ඇපකරුවන් යොදා ඇප තැබීම හේතුවෙන් වන චෝදනාවක් යටතේ යළි අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නැවත වරෙන්තු නිකුත් කරනු ලැබූවා.

පසුව මෙලෙස හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසම හමුවට කැඳවීමට හේතු ප්‍රත්‍ය වූ ප්‍රකාශය ලබා දුන් ශ්‍රීල­න්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධා­යක නිල­ධාරි කපිල චන්ද්‍රසේන නැවත අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහුගේ ප්‍රාණය නිරුද්ධ සිරුර ඔහුගේ කොල්ලුපිටිය පිහිටි නිවසේ දී තිබී හමුවූ බවයි පොලිසිය පැවසුවේ.

මෙම එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා විජේ­නා­යක වෙත සහ හිටපු කථා­නා­යක චමල් රාජ­පක්ෂගේ පුත් ශමීන්ද්‍ර රාජ­පක්ෂ වෙත ද ජාත්‍ය­න්තර වරෙන්තු නිකුත් කර තිබෙනවා.

Update – හිටපු අමාත්‍ය පියංකර ජයරත්න ද මීට සුළු මොහොතකට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව හමුවට පැමිණ තිබෙනවා.

Author

Related Posts