කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් 2026 මැයි මස 12 වන දින ප.ව 05.00 දක්වා වලංගු වන පරිදි 2026 මැයි මස 11 වන දින ප.ව 05.00 ට නිවේදනයක් නිකුත් කරන ලදී.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින සක්‍රීය අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම පුරෝකථනයට අනුව, දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක රැසකට ඉදිරි පැය කිහිපය තුළ තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පවතී.
විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ උතුරු පළාත්වලත්, එමෙන්ම ගාල්ල, ත්‍රීකුණාමලය සහ මඩකළපුව යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මෙලෙස දැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ. මෙම ප්‍රදේශවල වෙසෙන ජනතාව අකුණු අනතුරු සහ තාවකාලිකව ඇති විය හැකි තද සුළං තත්ත්වයන් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවට බලධාරීන් වැඩිදුරටත් අවධාරණය කරයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින්, අකුණු මඟින් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
විශේෂයෙන්ම එළිමහනේ රැඳී සිටීමෙන් වැළකී ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙසත්, විදුලි උපකරණ භාවිතයේදී වඩාත් සැලකිලිමත් වන ලෙසත් දැනුම් දෙනු ලැබේ. එසේම, පවතින අයහපත් කාලගුණයත් සමඟ ගස් කඩා වැටීම් සහ ජල ගැලීම් පිළිබඳව විමසිලිමත් වීම අත්‍යවශ්‍ය වන අතර, දැනටමත් දිවයිනේ ප්‍රධාන ජලාශ කිහිපයක් වාන් දැමීමට පටන් ගෙන ඇති බැවින් පහත් බිම්වල වෙසෙන ජනතාව ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව අවධාරණය කෙරේ.
අදාළ නිවේදනය පහතින්

