– අධිකරණ නියෝගය ගැන බන්ධනාගාරය රෝහලට දැනුම් දීලා –
15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කළ බවට චෝදනා ලැබ සිටින අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩුකරය සඳහා ඉදිරිපත් නොකරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චම්මික ගජනායක පවසයි.
WhatNews කළ විමසීමක දී මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ, පල්ලේගම හේමරතන හිමි පිටතට ගෙන යාම සඳහා නවලෝක රෝහලෙන් තවමත් අවසර ලබා දී නොමැති හෙයින් මෙලෙස අධිකරණයට ඉදිරිපත් නොකරන බවයි.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් සැකකාර හිමිනම වෛද්‍ය උපදෙස් මත කොළඹ ජාතික රෝහලේ හෝ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර සදහා යොමු කරන ලෙස කළ නියෝගය අනුව කටයුතු නොකළේ ඇයි දැයි කළ විමසීමේ දී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ, එම අධිකරණ නියෝගය සම්බන්ධයෙන් ලිපියකින් නවලෝක රෝහල දැනුවත් කර ඇති නමුත්, වෛද්‍යවරු විසින් අදාළ හිමිනම රෝහලෙන් පිටතට ගෙන යාම සඳහා තවමත් අවසර ලබා දී නොමැති බවයි.
එම හිමිනමට ප්‍රතිකාර සිදු කරන දෛව්යවරයා සම්බන්ධයෙන් බන්ධනාගාරය දැනුවත් ද යන්න විමසීමේ දී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ තමා ඒ පිළිබඳව දැනුවත් නොමැති බවයි.
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් පසුගිය මැයි 08 වන දින නිට්ටඹුව පොලිසිය විසින් ස්ත්‍රී දුෂණය සහ බරපතල ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් වන චෝදනා යටතේ කොළඹ නවලෝක රෝහලේ දී අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ලැබූ අතර, කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා එම පෞද්ගලික රෝහල වෙත ගොස් සැකකාර හිමිනම නිරීක්ෂණයට ලක් කිරීමෙන් පසු අද (12) දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට හා නවලෝක පෞද්ගලික රෝහලේ සිට බන්ධනාගාර රෝහලට හෝ කොළඹ ජාතික රෝහලට මාරු කර යවන ලෙස නියෝග කරනු ලැබීය.
ඒ අනුව සැකකාර හිමි නම අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිතව තිබුණි.
