මුදල් විශුද්ධිකරණ විමර්ශනයක් සඳහා හිටපු ඇමති මනූෂගේ බැංකු ගිණුම් විස්තර දෙන ලෙස අධිකරණ නියෝගයක් !


මුදල් විශුද්ධිකරණ පනත යටතේ හිටපු ඇමති මනූෂ නානායක්කාරට එරෙහිව සිදුකර විමර්ශනයක් සම්බන්ධයෙන් ඔහුගේ බැංකු ගිණුම් 5කට අදාළ විස්තර ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම නියෝග කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙචපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් ප්‍රකාරව එම නියෝගය ලබාදී ඇත. ඒ අනුව රාජ්‍ය බැංකුවක හා පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන්ට අධිකරණය නියෝග කර ඇත්තේ හිටපු ඇමති මනූෂ නානායක්කාරගේ එම බැංකු ගිණුම් පිළිබඳ විස්තර දින 14ක කාලයක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයට ලබාදෙන ලෙසයි.

මෙහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත්තේ 2011,2013,2015 හා 2022 යන වර්ෂවලට අදාල වත්කම් හා බැරකම් ප්‍රකාශද හිටපු ඇමති මනූෂ නානායක්කාර ඉදිරිපත් කර නොමැති බවයි.

Author

Related Posts