හම්බන්තොට කුරුලු උයනේ හිමිකරු ඇතුළු තිදෙනෙකු නිදොස් කොට නිදහස්…

රුපියල් කෝටි 25ක් පමණ වටිනා අධිබලැති යතුරුපැදි ඇතුළු යතුරුපැදි 21ක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වා ළඟ තබා ගැනීමේ චෝදනාවට ලක්ව සිටි හම්බන්තොට කුරුලු උයනේ හිමිකරු අජිත් ගාල්ලගේ මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කර තිබේ.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී, පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ මෙම පැමිණිල්ල තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බවයි. ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් නිදහස් කිරීමට තීන්දු කර ඇත.

2025 වසරේ ජූලි මස 12 වනදා හම්බන්තොට කුරුලු උයන පරිශ්‍රයේ තිබී රුපියල් කෝටි 25ක් වටිනා අධිබලැති යතුරුපැදි 11ක් ඇතුළුව යතුරුපැදි 21ක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සොයා ගන්නා ලදී.

සිදුකළ විමර්ශනවලින් අනතුරුව එහි හිමිකරු වන අජිත් ගාල්ලගේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. එමෙන්ම මෙහිදී කුරුලු උයන පරිශ්‍රයේ නීති විරෝධී ලෙස වගා කර තිබූ ගංජා පැල 04ක් සමග මෙම සත්ත්ව ගොවිපොළේ කළමනාකරු හා ගබඩා පාලක පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණා.

යතුරුපැදි නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වීම, සන්තකයේ තබා ගැනීම සහ කොටස් ගෙන්වා මෙරටදී එකලස් කිරීම යන චෝදනා සැකකරුවන්ට එරෙහිව මෙහිදී එල්ල වී තිබුණි.

වසරකට ආසන්න කාලයක් පැවති නඩු විභාගය අවසානයේ පැමිණිලි පාර්ශවය වන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන නොයන බව අධිකරණයට දැනුම් දෙන දී තිබේ. ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය, ප්‍රධාන සැකකරු වූ කුරුලු උයනේ හිමිකරු, එහි ගබඩා පාලකවරයා සහ සේවකයෙකු මෙලෙස සියලු චෝදනාවලින් නිදහස් කිරීමට තීන්දු කර ඇත.

Author

1 Comment

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading