දිවයිනම ආවරණය වන ලෙස පළාත් පාලන ආයතන සියල්ල ම ඩිජිටල්කරණය කිරීමට පියවර !

ශ්‍රී ලංකාව පුරා විසිර ඇති පළාත් පාලන ආයතන 341 හි ම සේවා සැපයීමේ හා ගෙවීමේ කටයුතු Online ක්‍රමයට සිදු කිරීමට හැකි වන පරිදි ඩිජිටල්කරණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගනිමින් සිටිනවා.

ඒ අනුව, වත්මන් ජාජබ ආණ්ඩුව නිසින් ක්‍රියාත්මක කරනු ලබන ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියට සමගාමීව ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ කඩිනම් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (20) කොළඹ දී පැවැත්වීමට කටයුතු කරනු ලැබ තිබුණා.

එහි දී මහනගර සභා 29ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 276ක් ඇතුළු සමස්ත පළාත් පාලන ආයතන 341 ආවරණය වන පරිදි බදු ගෙවීම්, ජල බිල්පත්, බලපත්‍ර ලබා ගැනීම් සහ පැමිණිලි ඉදිරිපත් කිරීම් වැනි සියලු සේවා පාරිභෝගිකයාට නිවසේ සිටම ඉටු කර ගැනීමට හැකි වන පරිදි මෙම ඩිජිටල්කරණ ක්‍රියාවලිය සිදු වන බව අවධාරණය කෙරුණු අතර, මගින් රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, නාස්තිය හා දූෂණය අවම කිරීමටත් අපේක්ෂිත බව ද සඳහන් කරනු ලැබුවා.

පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේ දී රජය සතු දැනුම හා සම්පත් පමණක් උපයෝගී කරගනිමින්, බාහිර පාර්ශ්වයන්ට මුදල් වැය නොකර සියලු ආයතන මධ්‍යගත පද්ධතියකට ඒකාබද්ධ කිරීමට හැකි වීම විශාල ජයග්‍රහණයක් ලෙස හුවා දක්වනු ලැබුවා.

කෙසේ නමුත්, ඩිජිටල් ගනුදෙනු දිරිගැන්වීම සඳහා ඉදිරියේදී විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී තීරණය කරණු ලැබීම විශේෂත්වයක්.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading