හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලි අත්අඩංගුවට !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලි නුවරඑළිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙපිරිසක් අතර ඇති වූ ආරවුලකදී සිය ගිනිඅවිය පෙන්වා මරණ තර්ජනය කරමින් බියවැද්දීම යන චෝදනාව මත ඔහුව මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ලැබූ බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබන බවයි ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

වාහනයක් ඉවත් කර නොගැනීම සම්බන්ධ කරුණක් හරහා හටගත් බහින්බස් වීමක දී නුවරඑළිය රෝෂන්බර්ග් හෝටලයේ අයිතිකරු වෙත ගිනිඅවියක් පෙන්නමින් තර්ජනය කිරීීම හේතුවෙන් මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත්, බලපත්‍ර කල් ඉකුත් වූ නයින් මිලිමීටර් ගිනි අවිය පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත්, අප වෙත පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග විසින් සඳහන් කරනු ලැබුවා.‍

ඒ අනුව, එම ගිනි අවිය 2025 ජනවාරි සිට අවුරුද්දක කාලයක් දක්වා පමණක් ලියංපදිංචි කර ඇති බවත්, එය මෙම වසරේ ජනවාරි 23 වන දිනෙන් කල් ඉකුත් වී ඇති බවත් එම ආරංචි මාර්ග විසින් තහවුරු කළ අතර, අත්අඩංගුවට පත් අය විසින් පීඩීඑෆ් එකක් පෙන්වමින් එම බලපත්‍රය යළි නැවත අලුත් කළ බව පවසන නමුත්, එය ආරක්ෂක අමාත්‍යාංශයෙන් තහවුරු කරගත යුතු බව ද වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.

මෙම ගිනි අවිය අනවසර ගිනිඅවියක් බව පැහැදිලිවම කිව නොහැකි බවත්, ගිනිඅවියක් පෙන්වා තර්ජනය කිරීමේ වරද මත පොලීසියට කැඳවීමෙන්න්න අනතුරුව අත්අඩංගුවට ගත් බවත් පොලිස් ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading