සංවිධානාත්ම අපරාධ කල්ලි සාමාජික මොහොමඩ් නජිම් මොහොමඩ් ඉම්රන් නොහොත් කංජිපානි ඉම්රාන්ගේ මෙහෙයවීම මත සැලසුම් කළ බව කියන සැකකරුවකු ඊයේ (20) අත්අඩංගුවට ගත් බව ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාශය පවසයි.
මෙම පුද්ගලයා කොලඹ ප්‍රදේශයේ බෝම්බ පිපිරවීමට තැත් කළ බව ඇතැම් ආරංචිමාර්ග ඇසුරෙන් වාර්තා වූ නමුත්, මේ වන විට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන්නේ එවැනි වාර්තාවලට පදනමක් නොමැති බවයි.
සැකකරු ජා ඇල, කලා වීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි කොළඹ 15 පදිංචි පුද්ගලයෙකි.
අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා ප්‍රකාශ කළේ කොළඹ ඇතුළු ජනාකීර්න ප්‍රදේශවල බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට පුද්ගලයෙකු සූදානම් වූ බවට සමාජ මාධ්‍යවල හා ඇතැම් වෙබ් අඩවිවල පළවූ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.
ඔහු වැඩිදුරටත් තහවුරු කළේ එවැනි සිදුවීමක් වාර්තාවී නොමැති බවය.
කෙසේවෙතත් කංජිපානි ඉම්රාන් සමග සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු ත්‍රස්ත මර්දන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු තහවුරු කළේය.
