ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 ට තරුණ යෞවනයන්ට එළඹෙන දෙසැම්බර් 10 දින සිට සමාජ මාධ්‍ය තහනම ක්‍රියාත්මක වනු ඇති අතර එම තහනම ක්‍රියාත්මක වීමට පෙර ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් සහ ත්‍රෙඩ්ස් හි සිටින එරට වයස අවුරුදු 16 ට අඩු සමාජ මාධ්‍ය ගිණුම් වසා දමන බව දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඒ අනුව, වයස අවුරුදු 13 ත් 15 ත් අතර යැයි විශ්වාස කරන පරිශීලකයින්ට ඔවුන්ගේ ගිණුම් දෙසැම්බර් 4 වන දින සිට අක්‍රිය කිරීම ආරම්භ කරන බවට කෙටි පණිවුඩ, විද්‍යුත් තැපෑල සහ යෙදුම තුළ පණිවිඩ මගින් දැනුම් දීම ආරම්භ කර ඇති බව Instagram, Facebook and Threads වෙළඳ නාම සමාගම හිමි Meta සමගම පවසා ඇත.
දෙසැම්බර් 10 වන දින සිට බලාත්මක වන බව පැවසෙන මෙම තහනම TikTok, YouTube, X සහ Reddit ඇතුළු වේදිකා ගණනාවකට බලපානු ඇති බවද පැවසේ.
“දෙසැම්බර් 10 වන විට වයස අවුරුදු 16 ට අඩු බව අප තේරුම් ගන්නා සියලුම පරිශීලකයින් ඉවත් කිරීමට අපි වෙහෙස මහන්සි වී වැඩ කරන අතර, නීතියට අනුකූල වීම අඛණ්ඩ සහ ස්ථර ක්‍රියාවලියක් වනු ඇත,” යනුවෙන් මෙටා උප සභාපති සහ ගෝලීය ආරක්ෂක ප්‍රධානී ඇන්ටිගනී ඩේවිස් පවසා තිබේ.
වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට දෙසැම්බර් 4 වන දින සිට, Meta හි Social Media Platforms වල ගිණුම් නිර්මාණය කිරීමට නොහැකි වනු ඇත. මෙම තහනමෙන් බලපෑමට ලක් වූ යෞවනයන්ට වයස අවුරුදු 16 සම්පූර්ණ වූ පසු දැනුම් දීම සඳහා ඔවුන්ගේ සම්බන්ධතා තොරතුරු යාවත්කාලීන කළ හැකි බවත්, ඔවුන්ගේ තොරතුරු හා දත්ත බාගත කිරීම හෝ ඔවුන්ගේ ගිණුම් මකා දැමීම තෝරා ගත හැකි බව මෙටා සමගම පවසා තිබේ.
ඕස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය තහනම යනු බාලවයස්කාර දරුවන් සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශ වීම වැළැක්වීම සඳහා රජයක් විසින් ගනු ලබන වඩාත් පුළුල් උත්සාහයක් වන අතර එය ලොව පුරා නියාමකයින් විසින් සමීපව නිරීක්ෂණය කරනු ලැබේ.
එසේම මෙමගින් බාලවයස්කාර දරුවන්ට ගිණුම් තිබීම අවහිර කිරීම සඳහා “සාධාරණ පියවර” ගැනීම සඳහා සමාජ මාධ්‍ය වේදිකා (platforms) මත වගකීම පවරන අතර නීතිය කඩ කරන Platforms ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 49.5 (ඩොලර් මිලියන 32.09) දක්වා දඩ නියම කළ හැකිය.
Instagram, Facebook සහ Threads භාවිතා කිරීමට තරම් වයසින් සිටින බව පැවසූ යෞවනයන්ට මුහුණු වයස් ස්කෑන් සඳහා භාවිතා කිරීම සඳහා “වීඩියෝ සෙල්ෆියක්” ගැනීමෙන් සීමාවට අභියෝග කළ හැකි බව Meta පවසයි. “වීඩියෝ සෙල්ෆි” යනු මුහුණු වයස් ස්කෑන් (facial age scans) පරීක්ෂණ වලදී, විශේෂයෙන් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් වැනි වේදිකාවල, වයස් සත්‍යාපනය සඳහා අනන්‍යතා ලේඛන සඳහා විකල්පයක් සැපයීම සඳහා භාවිතා කරනු ලැබේ.
එසේම ඔවුන්ට රියදුරු බලපත්‍රයක් හෝ රජය විසින් නිකුත් කරන ලද වෙනත් හැඳුනුම්පතක් මගින්ද තම වයස තහවුරු කළ හැකිය.
මෙම සියලු සත්‍යාපන ක්‍රම මෙම වසර මුලදී එක්සත් රාජධානිය පදනම් කරගත් වයස් පරීක්ෂා සහතික කිරීමේ යෝජනා ක්‍රමය Age Check Certification Scheme (ACCS) විසින් ඕස්ට්‍රේලියානු රාජ්‍යය විසින් පත් කරන ලද වාර්තාවක පරීක්ෂා කර ඇත.
ඕස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය තහනම බලපානු ලබන සමාජ මාධ්‍ය වේදිකා ලැයිස්තුවක් විද්‍යුත් ආරක්ෂණ කොමසාරිස් විසින් ප්‍රකාශයට පත් කර ඇත. ඒවා නම්:
- Kick
- Snapchat
- Threads
- TikTok
- X (formerly Twitter)
- YouTube
තහනමට ඇතුලත් නොවන Platforms
- Discord
- GitHub
- Google Classroom
- LEGO Play
- Messenger
- Roblox
- Steam and Steam Chat
- YouTube Kids
