සම්පත් මනම්පේරි තමන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු නොවන බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවති උත්සවයකදී ඔහු ප්‍රකාශ කළේ, තමන්ට අසත්‍ය ප්‍රකාශ කරමින් මඩ ප්‍රහාර එල්ල කරන කණ්ඩායම්වලට එරෙහිව ගත හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තමන් සූදානම් බවයි.
තමන් සම්බන්ධීකරණ ලේකම්වරු පත් කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් බවද ඔහු එහිදී කියා සිටියා.
තවමත් නීතිය පිළිබඳ දැඩි විශ්වාසයක් තමන්ට පවතින බව පෙන්වාදුන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසන්නේ, නීතිය මගින් ගත හැකි උපරිමයෙන් හැම අවස්ථාවකදීම කටයුතු කරන බවයි.
කෙසේවෙතත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති සම්පත් මනම්පේරි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇතැයි මහජන ආරක්ෂක, පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පසුගිය 25 වැනිදා ප්‍රකාශ කළා.
මත්ද්‍රව්‍ය සිද්ධිවලට සම්බන්ධ තවත් පිරිස් පොදුජන පෙරමුණේ සිටින බවත් ඉහළ සිටින අය සම්බන්ධයෙන්ද විමර්ශන සිදු කරන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.
