හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීම සඳහා ලබන වසරේ මාර්තු මස 25 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නියම කළා.
2021 වසරේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී තමන්ව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත අනීතික ලෙස රඳවා තබා ගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස රිෂාඩ් බදියුදීන් මහතා විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණා.
ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම අද කැඳවනු ලැබුවා.
මෙම පෙත්සම ලබන වසරේ මාර්තු මස 25 වනදා කැඳවන බව එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළා.
