ශ්‍රී ලංකාවට පැමිණි ඊශ්‍රායල් ජාතිකයන් තමන් හැමදාම හොඳට කරන දේ නැවත වතාවක් කර ඇති බවත්, ආරුගම්බේ සම්පූර්ණයෙන් තමන් අත්පත් කරගෙන ඇති බවත් ටික්ටොක් නිර්මාණකරුවෙකු වීඩියෝවක් කරමින් විමසා ඇත.
ආරුගම්බේ සොරකම් කර ඇති බවත්, එය ටෙල් ඇවීව් වාගේ හැඟෙන ආකාරයට යළි නිර්මාණය කර ඇති බවත් ඔහු කියා ඇත.
ටොම් මොනගල් නම් වූ මේ නිර්මාණකරු සාමාන්‍ය මට්ටමේ ග්රාහකයන් පිරිසක් සහිත නිර්මාණකරුවෙකු වන අතර ඔහු ඩීජේ කෙනෙකුද වේ.
ඔහු වැඩිදුරටත් මෙසේ කියා ඇත.
‘මම ටිකක් කන්ෆියුස් වෙලා ඉන්නේ. මම හිතුවේ මම ඉන්නේ ශ්‍රී ලංකාවේ ආරුගම්බේ කියලා. ඒත් මෙතැන පේන්නේ ෆකින් ටෙල් ඇවීව් වගේ. මං අහන්නේ ආරුගම්බේත් අවුරුදු 50,000කට කලින් පොරොන්දු වූ දේශයක්ද?
මම පෙන්වන්නම් මම මේ මොනාද කියන්නේ කියලා.
(ආපානශාලාවල මෙනු පත් පෙන්වමින්.) මේක සෑහෙන හීබෘ පෙනුමැති මෙනූ එකක්. තව තවත් හීබෘ. (තවත් ආපානශාලාවල පුවරු සහ පාඨ පෙන්වමින්.) තව තවත් හීබෘමයි. ඊශ්‍රායල් ආරක්ෂක හමුදා හිතවාදී ස්ටිකර්. හ්ම්…..
පිස්සුම දේ තමයි මම සිංහල හෝ දෙමළ දකිනවාට වඩා මෙතැන හීබෘෘ දකිනවා. ඉතින්, අපි ඉන්නේ ලංකාවේද?
(පසුබිමින් ඊශ්‍රායල්- යුදෙව් ගීත ඇහෙද්දී) ෂලෝමි වෙල්නස්. වට් ද ෆක්?‘
මේ වන විට ආරුගම්බේ ඇතුළු මෙරට සංචාරක ස්ථාන කිහිපයකට පැමිණෙන ලෝකයේ විවිධ රටවලින් ආ සංචාරකයන් එම ස්ථානවල ඊශ්‍රායලයේ ඉදිකිරීම් සහ සංස්කෘතිකාංග දක්නට ලැබීම නිසා පිළිකුල ප්‍රකාශ කර තිබේ. සංචාරක කර්මාන්තයේ ආරංචිමාර්ග පවසන ආකාරයට ඊශ්‍රායල් ආරක්ෂක හමුදාවල පුද්ගලයන් සිය ඝාතන සහ අපරාධ හේතුවෙන් ඇතිවෙන මානසික සහනය තුරන් කරගැනීම සඳහා මෙරටට පැමිණීම පුළුල් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වේ. ඊට අමතරව මෙලෙස පැමිණෙන පුද්ගලයන් ඉලක්ක කරගනිමින් නීතිවිරෝධීව සහ නිත්‍යානුකූලව විවිධ මධ්‍යස්ථාන ගොඩනගා ඇති අතර ඒවායේ ආරක්ෂාව වෙනුවෙන් යැයි කියමින් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් සහ පුද්ගලයන් රඳවා තබාගැනීම්ද සිදුව තිබේ.
එවැනි පසුබිමක වත්මන් රජය විසින් ඊශ්‍රායල් සංචාරකයන්ට ගාස්තු රහිත වීසා ලබා දීමටද තීන්දු කර ඇති අතර, වත්මන් ආණ්ඩුවේ සභානායක බිමල් රත්නායක පලස්තීන සහයෝගීතා කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන පසුබිමක මෙවැනි තීන්දු ගැනීම බොහෝ දෙනෙකු විසින් ප්‍රශ්න කර තිබේ.
