යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කරයි…

රජය 2026 සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ ආරම්භක වැඩසටහන ඊයේ (11) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පවත්වා ඇත.

ඒ අනුව මෙහිදී නව ප්‍රතිසංස්කරණ ගෙන ඒමේ ඉලක්ක සහ අරමුණු, ප්‍රතිසංස්කරණ සඳහා වූ මාර්ගෝපදේශන මූලධර්ම, නව ප්‍රතිසංස්කරණවලට අනුව අධ්‍යාපනයේ ප්‍රධාන කුලුනු, විෂය මාලා ප්‍රතිසංස්කරණය, ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ විධිවිධාන සහ ගුරු පුහුණුව යන මූලික කාරණා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කර ඇත.
මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්හි ප්‍රධාන අරමුණ ලෙස, 21 වන සියවසේ සහ ඉන් ඔබ්බට ඇතිවිය හැකි අභියෝගවලට මුහුණදීමට සමත් පුරවැසියෙකු නිර්මාණය කිරීම වෙනුවෙන් මූලික අඩිතාලම දැමීම සහ එම නව පුරවැසියා රටේ තිරසර ජාතික සංවර්ධනය සහ සාමය පිළිබඳ ක්‍රියාවලියට දායක කර ගැනීම පිළිබඳව සාකච්ඡා කර ඇත.

මෙම නව අධ්‍යපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන ආකාරය සහ අධීක්ෂණය අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය සහ ජාතික අධ්‍යාපන කොමිසම මගින් මගින් සිදු කරනු ලබන අතර එහි ක්‍රියාවලිය පිළිබඳව ආකාරය පිළිබඳව ද දැනුවත් කරන ලදී.

මෙම ආරම්භක දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව, ජාතික අධ්‍යාපන කොමිසමේ උප සභාපති තිලක් ධර්මරත්න යන මහත්වරුන් ඇතුළුව අධ්‍යාපන අමාත්‍යශය, ජාතික අධ්‍යාපන ආයතනය සහ ජාතික අධ්‍යාපන කොමිසමේ නිලධාරීන් සහභාගී විය.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading