පොල්ගොල්ල, විමලසුරේන්ද්‍ර වාන් දොරටු ඇරලා!

මධ්‍යම කදුකරයේ ඉහළ ජලාධාර ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යෑමත් සමඟ අද (20) පස්වරු 2.00 ට පමණ පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 05 ක් විවෘත කරනු ලැබීය.

වාන් දොරටු අඩි 05 යි අඟල් 06 බැගින් ඉහළට එසවීමෙන් තත්ත්පරයට ඝන අඩි 24000 ක ජල ප්‍රමාණයක් නිකුත් කෙරෙන බැවින් පොල්ගොල්ල වේල්ලේ සිට වික්ටෝරියා ජලාශය දක්වා මහවැලි ගඟ පරිහරණය කරන පිරිස් අවධානයෙන් පසුවිය යුතු බව වේල්ල භාර ඉංජිනේරු කාර්යාලය ජනතාවට දැනුම් දෙයි.

ඉහළ මහවැලි ජලාධාර ප්‍රදේශවලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගම්පළ සිට පේරාදෙණිය දක්වා මහවැලි ගංගාව දෙපස ජනතාවද වඩා විමසිල්ලෙන පසුවිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ගම්පොළ, ගෙලිඔය, වැලිගල්ල සහ පේරාදෙණිය අවට ජනතාව ගංවතුර තත්ත්වයක් පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙස එම මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා පැවසුවේය.

නාවලපිටිය ඇතුළු ඉහළ ප්‍රදේශවලට ධාරානිපාත වැසි ඇද හැලීම මේ හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා අවදානම් රතු නිවේදන නිකුත් කර තිබේ.

වර්ෂාවත් සමඟ ඉදිරියේදී මහවැලි ගංගාවේ ජල මට්ටම් සැලකිය යුතු අයුරින් ඉහළ යා හැකි බැවින් ගංගාව පරිහරණය කිරීමේදී සහ ගංගාව ආශ්‍රිත පදිංචිකරුවන් දැඩි විමසිලිමත් වන ලෙසත් ගංවතුර මට්ටමට ආසන්න වන්නේ නම් පදිංචි ස්ථානවලින් වහා ඉවත් විය යුතු බවත් රණවීර මහතා කීය.

මේ අතර ජල විදුලි බලාගාර ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශවලට අද (20) අලුයම සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් විමලසුරේන්ද්‍ර වාන් දැමීමට පටන් ගෙන තිබේ.


විමසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම හේතුවෙන් කැලණි ගඟේ ජල මට්ටම තරමක් ඉහළ ගොස් ඇති බව ජලාශභාර ඉංජිනේරු පවසති.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading