ආණ්ඩුවේද කැමැත්තෙන්, මරික්කාර්ට නව සභාපතිකමක්…

යටිතල පහසුකම් හා උපාය මාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පත්කර තිබෙනවා.

මෙම කාරක සභාව යටතේ නාගරික සංවර්ධන, ඉදිකිරීම්, නිවාස අමාත්‍යංශය, බලශක්ති අමත්‍යංශය සහ ප්‍රවාහන ගුවන් සේවා වරාය හා මහාමාර්ග යන අමාත්‍යාංශයන්හි ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව සලකා බැලෙයි.

මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධූරය විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට මීට පෙර ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර එකඟත්වයක් ඇති කරගෙන තුබුණු අතර මීට පෙර කෙටි කාලයක් සඳහා යටිතල පහසුකම් හා උපාය මාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා කටයුතු කර ඇත. ඔහු මැයි 27 වෙනිදා පාර්ලිමේන්තුවේ පැවති දසවැනි පාර්ලිමේන්තුවට අදාළ එම ආංශික අධීක්ෂණ කාරක සභාවේ පළමු රැස්වීමේදී තෝරාපත් කර ගන්නා ලදී.

ආංශික අධීක්ෂණ කාරක සභාවලට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 ව්‍යවස්ථාවේ දක්වා ඇති පනත් කෙටුම්පත් හැර කාරක සභාවට යොමු කරනු ලබන වෙනත් යම් පනත් කෙටුම්පතක්, ගිවිසුමක්, කාරක සභාවේ විෂය පථයට යටත් වන ආයතනවල වාර්ෂික වාර්තා සහ කාර්යසාධන වාර්තා ඇතුළත්ව පාර්ලිමේන්තුව විසින් කාරක සභාව වෙත යොමුකරන ලද වාර්තාවක් හෝ කාරණාවක් හෝ යම් කාරක සභාවක් හෝ අමාත්‍යවරයෙකු හෝ විසින් එහි අධිකාර බල සීමාව තුළ ඇති විෂයයන් සහ කාර්යයන්ට අදාළ වෙනත් යම් කාරණයක් විභාග කිරීමට බලය හිමි වී තිබේ.

මේ පිළිබඳව What News පා.ම. මරික්කාර් මහතාගෙන් විමසු අතර ඔහු සඳහන් කළේ පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා 7න් 3ක් විපක්ෂය ඇති අතර ඉන් එකක් මේ ආකාරයට ලැබුණු බවයි. මෙහි කලින් සිටියේ අජිත් පී පෙරේරා බවත් ඔහු අයින් වූ පසු එය තමාට ලැබුණු බවත් ඔහු සඳහන් කළා. කාරක සභාවට අදාළව අමාත්‍යංශ 3ක් ඇති අතර නාගරික සංවර්ධන, ඉදිකිරීම්, නිවාස අමාත්‍යංශය, බලශක්ති අමත්‍යංශය සහ ප්‍රවාහන ගුවන් සේවා වරාය හා මහාමාර්ග යන අමාත්‍යාංශයන්හි අදාළ ආයතන වල ප්‍රතිපත්තිමය කටයුතු නිරීක්ෂණය කිරීම, ඔවුන් සමග සාකච්ඡා කිරීම, අණපනත් වෙනස් කිරීමට ඇත්නම් ඒවා වෙනස් කිරීම යන කාර්යයන් සිදු කිරීමට පැවරී ඇත. මෙය COPE හෝ කෝපා මෙන් විමර්ශනය කරන සභාවක් නොවන අතර සාමාන්‍යයෙන් කාරක සභා හතේම අය අමාත්‍යංශ වල අණපනත් ඉදිරිපත් කිරීම මේ කාරක සභාව හරා සිදු කරන බවත් SM මරික්කාර් මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading