ලිච්ඡවී පාලනය පැවති හොඳ ආදර්ශමත් පාලනයක් බවත් මහජන නියෝජිතයා පැය 24ම කැපවීමෙන් යුතුව තම වගකීම පිළිබඳව අවබෝධයෙන් කටයුතු කළ යුතු බවත් සමගි ජන බලවේගයේ ගයන්ත කරුණාතිලක පවසනවා.
මහා පරිනිබ්බාණ සූත්‍රය මූලාශ කරගෙන ඔහු පැවසුවේ එහි සප්ත අපරිහානී ධර්ම පිළිබඳව අවබෝධ කර ගත යුතු බවත් ලිච්ඡවී පාලනය හොඳම පාලනය බව බුදු රජාණන් වහන්සේ පැවසු බවත්ය. එම නිසා ලිච්ඡවීවරු පරාජය කිරීමට නොහැකි වූ බවත් ඊට හේතුව ඔවුන් නිතරම සමගියෙන් රැස්වීම මවත් ඔහු කියා සිටියේය.
මතුගම ප්‍රාදේශීය සභාවේ නවක මන්ත්‍රීවරුන් අමතමින් ඔහු කියා සිටියේ මහජන නියෝජිතයන්ට ඩියුටි ඔන් වෙන වෙලාවක් ඕෆ් වෙන වෙලාවක් නොමැති අතර පැය 24ම ඔන් ඩියුටි බවයි. වගකීම යන කාරණය මත රාජ්‍ය නිළධාරීන් ඊට වඩා වෙනස් ආකාරයකින් කටයුතු කරන අතර සේවය ලබා ගැනීමට උං පුද්ගලයෙකු පැමිණි විට අදාළ විෂය භාර නිලධාරියා යවයි. නමුත් මහජන නියෝජිතයාට එසේ කළ නොහැකි අතර ඔවුන්ට හෘද සාක්ෂියක් සහිත වගවීමක් ද තමා හමුවීමට එන පුද්ගලයාගේ ගැටලුව විසඳීම, ඒ පිළිබඳව පසු විපරම් කිරීම, විසඳිය නොහැකි ප්‍රශනයක් නම් ඔවුන්ට ඒ පිළිබඳව අවබෝධ කරගත හැකිද යන්න මහජන නියෝජිතයා සොයා බැලිය යුතුය.
තාක්ෂණික දියුණුවත් සමග බොහෝ පුද්ගලයන් සතුව දුරකතනයක් ඇති අතර ඔවුන් නිතරම තම මහජන නියෝජිතයා ඇමතීමට හැකි යයි සිතයි. නමුත් එසේ නොකළහොත් මිනිස්සු ” ඔබතුමාලා පත් කළාට වැඩක් නැහැ, අපේ ෆෝන් එක ආන්සර් කරන නෑනේ” යනුවෙන් කියන බව ගයන්ත කරුණාතිලක පැවසුවා.
සභාපති අමතමින් ඔහු ප්‍රකාශ කළේ මෙතෙක් තිබූ සභාපති පාලනය වෙනුවට Team Work පාලනයක් පටන් ගත යුතු බව පැවසුවා. එහිදී කිසිවෙකුටත් තනි බලයක් නොලැබෙන අතර පක්ෂ ස්වාධීන කණ්ඩායම් නියෝජිතයන් එක්ව සභාපතිව පත් කර ඇති නිසා ඔහු සියලු දෙනාගේම සභාපති වේ. Team work කරන විදිහ මුලින්ම බුදුහාමුදුරුවෝ කියාදුන් බවත් මහාපරිනිබ්බාන සුත්‍රයේ සප්ත අපරිහාණී ධර්ම ගැන පවසමින් ලිච්ඡවී පාලන සාර්ථක කම ගැන පැවසූ බවයි. මගින් රැස්වීම පමණක් නොව සමගියෙන් සාකච්ඡා කර සමගියෙන් තීරණ ගත් නිසා එය සාර්ථක වූ බව ඔහු පැවසුවා.
එසේම විවිධ චක්‍රලේක අණපනත් තිබෙන අතර අප මත තබා ගත යුත්තේ චක්‍රලේක අණපනත් පවතින්නේ මිනිසුන් උදෙසා මිස මිනිසුන් ඉන්නේ චක්‍රලේක උදෙසා නොවන බවයි.
අපි මේ සප්ත අපරිහානිය ධර්ම මොනවාද? ඒවා පහත පරිදි වේ.
- නිතර රැස් වී ගැටලු , මිනිසුන්ගේ රෝග පීඩා, රටේ දියුණු කටයුතු පිළිබඳ කතාබහ කිරීම.
- සාකච්ඡා අවසානයේ සමගිව විසිර යාම
- අතීත රජවරුන් පැනවූ නීතී ඒ ආකාරයෙන් ආරක්ෂා කිරීම, උල්ලංඝණය නොකිරීම, අතිරේක නීති නොපැනවීම
- වැඩිහිටි පරපුරට ගරු කරමින් ඔවුන්ගේ අවවාද අනුශාසනා ලබාගැනීම
- විවාහක කාන්තාවන්ගේ සහ අවිවාහක තරුණියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම
- වජ්ජි රට තුළ හා පිටත තිබෙන පූජනීය ස්ථානවලට ගරු කරමින් ආරක්ෂා කිරීම
7 . රාජ්‍යයට නොපැමිණි පූජ්‍ය පක්ෂය ගෙන්වා ගැනීම සහ පැමිණි පූජ්‍ය පක්ෂයට රැකවරණය සලසා දීම
මෙම නීති වජ්ජි ජනපදයට අයත් විවිධ රජවරුන් පිළිපැදීම නිසා ඔවුන් අතර ආරවුල් මතු නොවූ බව පැවසේ.
ගයන්ත කරුණාතිලකගේ මේ කතා ඉතා වැදගත් එකක් වේ. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක පැවතිය යුතු සමහර ගුණාංග ඔහු මතුගම ප්‍රාදේශීය සභාවේ නවක මන්ත්‍රී වරුන් අමතා ප්‍රකාශ කරයි. මේ කතාව පිළිබඳ ජගත් විතානගේ ගේ අදහසත් ගන්න තිබුනාණන් ගයන්තගේ කතාවට එතනදීම පිළිතුරක් ලැබෙනු ඇත. ජගත් විතානගේ පැවසුවේ විවෘත ඡන්දයක් බලෙන් ගත් බවත්, කොමසාරිස්ටත් පලු අරිමින් ඒවා කොහෙද අපිත් එක්ක “බම්බුව තමයි” වැනි කතාවක් කිව්වේය. අතටම ගයන්ත කියන කතාව ජගත් විතානගේ තුළ පවතිනවාද සහ ජගත්ගේ ගෝලයා වන නව සභාපති කසුන් මුණසිංහට තිබෙනවාද යන්න සොයා බැලිය යුතුය. එය ක්‍රියාවෙන්ම ඉදිරි කාලය තුළ දැකිය හැකි අතර මෙයින් පවසන්නේ NPP අය මාරම ප්‍රජාතන්ත්‍රවාදීන් යන්න නොවේ.
පසුගිය 24 වනදා කල්තැබූ පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයේ නිලවරණය ඊයේ යළිත් අවුල් විය. ඡන්දයක් පවත්වා සභාපතිවරයා පත් කරගත යුතු ආකාරය තීරණය කරන්නේ නම් එහි බහුතර මතය කුමක් වුවත් පිළිගැනීමට සිදුවේ. නමුත් ගයන්තලාගේ පොඩි ලිච්ඡවීන් සප්ත අපරිහානි ධර්මය පිළිපැදලා ඒ ආකාරයට 24 සහ ඊයේ හැසිරුනාද? UNP යෙන් වෙන් වී පොඩි ප්‍රේමදාස ලිච්ඡවී පාලනයක් ගෙන ගියේ නම් 3% ක්ව තීබූ පක්ෂයක් මෙලස රටේ පාලන බලය ගන්නේද? එසේ ගත පසු ජෝකර්ලා සේ නොහැසිරී ගයන්ත කියන විදිහට ටිකක් උත්සාහ කළොත් රැඳු වෙන්නට සහ මරා ගන්නට දෙයක් ඉතුරු නොවනු ඇත. සාමකාමීව රැස්වී සාමකාමීව තීරණ ගෙන සාමකාමීව විසිර යාමට හැකි වනු ඇත.
එම නිසා ගයන්තගේ දේශනය පැල්මඩුල්ලට අද හෙටම ගෙන යා යුතු වනු ඇත. නොඑසේනම් 24 සහ ඊයේ මෙන් ඊළඟ සභා වාරයද මහජන නියෝජිතයන් කියාගන්නා මේ නූගතුන් මෙන් හැසිරෙන්නන් විසින් කඩාකප්පල් කර දමනු ඇත. මේ අය මේ දිනෙන් දින නාස්ති කර දමන්නේ මහජන මුදල් මිස ඔවුන්ගේ අම්ම අප්පලාගේ බූදලය නොවේ.
ඉන් නොනැවතී ගයන්ත කරුණාතිලක මෙය ධර්ම දේශනා මාලාවක් බවට පත් කළ යුතුයි. එසේම සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන්ට මෙය පැහැදිලි කර ඔවුන්ගේ එකඟතාව ගැනීමට සිදු වනු ඇත. නොඑසේ නම් ගයන්ත කතාව කර වේදිකාවෙන් බස ගිය පසු සජබේම මන්ත්‍රී ” ගයන්තට පිස්සුද බන්? “යනුවෙන් අසනු ඇත.
