ආණ්ඩුව ගසා කන මිල සූත්‍රයකට අනුව තෙල් මිල වැඩි කළා – ආනන්ද පාලිත

තෙල් මිල වැඩි කිරීම පිළිබඳව අදහස් දැක්වීමේ මාධ්‍ය සාකච්ඡාවක් බල ශක්ති ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගය විසින් ඊයේ (1) ගම්පහදී කැඳවා තිබුණා. මෙහිදී ආණ්ඩු කිහිපයක්ම වරින් වර විවිධ ආකාරයෙන් ඉදිරිපත් කළ සහ දැඩි විවේචනයන්ට ලක් වූ මිල සුත්‍රය සම්බන්ධයෙන්ද අදහස් පළ වුණා.

මෙහිදී අදහස් දක්වන ලද බල ශක්ති ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත විමසා සිටියේ ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දැමීමේදී යොදා ගත් මිල සුත්‍රය කුමක්ද යන්නයි. ඔහු සඳහන් කළේ, ආණ්ඩුව විසින් කිසි කෙනෙකු නොදන්න, නොදැක්ක ගසා කන මිල සූත්‍රයකට අනුව තෙල් මිල වැඩි කළ බවයි.

රට තුළ තිබෙන ඉන්ධන තොග රටට හෙළි ජුනි මාසයේ 26 වෙනිදා ඇමතිවරයාගේ, සභාපතිවරයාගේ සහ අමාත්‍යංශයෙන් ඉල්ලා සිට ඇති අතර ලේකම් වරයා ඇතුළු බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ මාස දෙකක තොග තිබෙන බවයි. ඊට අමතරව පිරිපහදු සහ බොරතෙල් දෙසැම්බර් වන තෙක් ඇනවුම් කර ඇති බවද පවසා ඇත. එසේ නම් පැවති ඉන්ධන වල මිල වැඩි වූයේ කෙසේදැයි ආනන්ද පාලිත අසයි.

යම් හෙයකින් පිරිපහදු තෙල් මිල වැඩි වූයේ නම් සියලු ඉන්ධන වල මිල වැඩි විය යුතු අතර, බොරතෙල් මිල වැඩි වූයේ නම් භූමිතෙල්, දැවි තෙල් ඇතුළු සියල්ලේ මිල වැඩි විය යුතු නමුත්
මෙම වැඩි කිරීම එවැන්නක් නොවන බව ආනන්ද පාලිත පවසයි.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12 කින් ද, සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 7 කින් ද වැඩි කරනු ලැබුවේ මොන සුත්‍රයට අනුවැඩි ඔහු ව්මසා සිටියා.

ආණ්ඩුව පත් වී මාස 9ක් ගියද, තවමත් මිල සුත්‍රය එලි දක්වා නැති බව ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

එසේම විදුලි ගාස්තු, ඉන්ධන මිල ඉහළ දැමුවත් ආණ්ඩුව හොරා නොකා රට සංවර්ධනය කරන නිසා ජනතාව සතුටු වෙන බව කඩුවෙල මහ නගර සභාවේ නගරාධි පති, හිටපු වෘත්තීය සමිති නායකක්ද වන රන්ජන් ජයලාල් පවසා ඇත.

මිල වැඩි කිරීම පිළිබඳව නලින්ද ජතිස්ස කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ පහුගිය කාලේ කොමිස් ගහපුවා කොමිස් ගහපු කෙනා එලියට ගිය ගමන් අවසන් නොවන බවත් ඒ කොමිස් බරද ආණ්ඩුව උසුලාගෙන සිටින බවයි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading