හිටපු ඇමැති නිමල් සිරිපාල ද සිල්වාගේ බොරැල්ලේ පිහිටි නිවසේ සෝපානය භාවිතා කිරීමේදී එම නිවසේ සේවය කළ ගෘහ සේවිකාවක් මිය ගොස් ඇත.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ එම නිවසේ සේවය කළ 68 හැවිරිදි කාන්තාවක බව බොරැල්ල පොලිසිය පවසයි.
නිවසෙන් පිටත පිහිටා ඇති විදුලි සෝපානයකින් බිම්මහලේ සිට ඉහළ මහලට යෑමේදී හිස එළියට දමාගෙන යෑමෙන් කොන්ක්‍රීට් කණුවක හිස ගැටීමෙන් මෙම මරණය සිදුවන්නට ඇතැයි පොලිසිය සැක පළකරන අතර සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව පැවසේ.
2020 වසරේදී ගෘහ සේවකයන්ට අදාළව කම්කරු නීති සංශෝධනයක් ඉල්ලා සිටියද නිමල් සිරිපාලද සිල්වා එවකට කම්කරු ඇමති ලෙස එය සිදු කළේ නැහැ.
නිමල් සිරිපාල ද සිල්වාගේ නිවසේ ගෘහ සේවිකාවට ඇත්තටම මොකද වුණේ?
