තරඟේ වැඩි වෙලා මිල බහිනවා කිව්වා නේද? IOC, සිනොපෙක් සිපෙට්කෝ මිල සමානයි…

ඊයේ (30) සිදුකළ ඉන්ධන මිල සංශෝධනය අනුව සිනොපෙක් (SINOPEC) සමාගම ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සංශෝධිත ඉන්ධන මිල ගණන් වලට අදාලව ගැලපීමට කටයුතු කර ඇත. එමෙන්ම, IOC සමාගමේ ඉන්ධන මිලද වැඩි වූ සිපෙට්කෝ ඉන්ධන මිලට සමාන කරමින් මිල ගණන් ඊයේ දින වෙනස්කර ඇත.
ඒ අනුව, සිපෙට්කෝ මිල සංශෝධනය අනුව, රුපියල් 293ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 305ක් ලෙසද, රුපියල් 274ක්ව පැවති සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 289 ලෙසද රුපියල් 178ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 7 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 289ක් වේ.

රුපියල් 341ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් මිලෙහි සහ රුපියල් 325ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිලෙහිද වෙනසක් සිදුව නැත.

හිටපු තෙල් ඇමති කාංචන විජේසේකර 2023 දී සඳහන් කළේ ඉන්ධන වෙළඳ්පොළේ තරඟකාරිත්වය ඇති කර ජනතාවට අඩු මිලට ඉන්ධන ලබා දීමේ අරමුණින් විදෙස් සමාගම් වෙත මෙරට වෙළඳපොළට පිවිසීමට අවසර ලබා දෙන බවයි. ඒ අනුව එවකට ඛණිජ තෙල් බෙදා හැරීමේ සමාගම් 4ක් ලංකාවට පැමිණීමට නියමිත වූ අතර ඒවා ඇමෙරිකාවේ RM Parks, චීනයේ Sinopec, Shell, United Petroleum යන සමාගම් වේ. Sinopec සමාගම 2023 මැයි 22 රනිල් වික්‍රමසිංහ සමග ගිවිසුම් ගසා ලංකාවේ වෙළෙඳ පොළට පිවිස මෙහෙයුම් කටයුතු කරගෙන යයි.
එවකට ශ්‍රී ලංකාවේ පැවති විදේශ විනිමය අර්බුදය හමුවේ පාරිභෝගිකයින් දුෂ්කරතාවට පත්නොවන ආකාරයට අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මෙම පියවරට ගත බව සඳහන් කරන ලදී. මේ සමගම ඇසිය යුත්තේ පාරිභෝගියා දැන් මාර සතුටින්ද කියාය.

එහිදී වෙළඳපොළට ඇතුළු වූ නව සිල්ලර සැපයුම්කරුවන් සඳහා පනවා ඇති එක් ප්‍රධාන කොන්දේසියක් වූයේ දේශීය බැංකු මත රඳා නොසිට විදේශ විනිමය අවශ්‍යතා ඔවුන් විසින්ම සුරක්ෂිත කර ගැනීමේ හැකියාවයි. ඒ අනුව මෙම සමාගම් අවම වශයෙන් ආරම්භක වසරක මෙහෙයුම් කාලය තුළදී විදේශීය මූලාශ්‍ර හරහා ඉන්ධන ප්‍රසම්පාදනය සඳහා තමන්ගේම අරමුදල් යොදා ගත යුතු බවද සාකච්ඡා විය.
එදා කාංචන විජේසේකර කී දේ සිදුවන්නේද යන්න හිත හොඳින් දැකිය හැකිය. තරඟකාරීත්වය කෙසේ වෙතත් තෙල් සමාගම් එකට එකතු වී පාරිභෝගිකයාගේ පොකට්ටුවට පහර දෙන ආකාරය දක්නට ඇත.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading