තවමත් මේ ආණ්ඩුව බරපතල වංචා සහ දුෂණ වලට සම්බන්ධ වී ඇති බවට අහන්න ලැබී නොමැති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් පවසනවා. කොළඹදී පැවැත්වුණු මාධ්‍ය හමුවක දී ඔහු මේ ප්‍රකාශ කළා.
කන්ටේනර් පරීක්ෂා නොකර නිදහස් කිරීම වැනි ප්‍රශ්න සම්බන්ධව සමහර විවාද සම්පන්න සාකච්ඡා ඇතත්, වංචා දුෂණ සම්බන්ධ බව නෑසෙන බව ඔහු පවසයි. ඔවුන් මවැනි වෙනස්කම් දකින්නට සූදානම් වන නමුත්, රටේ ජනතාවට තීරණාත්මක වන ආර්ථික තීන්දු තීරණ පිළිබඳව කිසිසේත්ම සැහීමකට පත් විය නොහැකි බව ඔහු සඳහන් කළා.
විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් වැඩකරන ජනතාව මත, ගොවිජනාතව ඇතුළු සාමාන්‍ය ජනතාව මත බදු බර පටවමින් ජනතාවට පීඩාවක් එන විදියට පවත්වාගෙන යන ආර්ථික ප්‍රතිපත්තියේ දශමයකවත් හැරීමක් සලකුණු කරන්න ආණ්ඩුව අසමත් වීම බරපතල කාරණයක් බව ඔහු පෙන්වා දෙයි.
එසේම ඉන්දියානු ආධිපත්‍ය ඉදිරියේ ශ්‍රී ලංකාවේ බලශක්ති ඒකාධිකාරය ඉන්දියාවට යට කිරීම, ඉන්දියාවේ ආධිපත්‍යට ලංකාවේ දේශපානය යට කිරීම, ඉන්දියාවේ යුද්ධ දේශපාලන උවමනාවන්ට අනුව ලංකාව පාවිච්චි කරන්න ඉඩ දෙන තත්ත්වයකට ආණ්ඩුව දුර්වල වී ඇති බව කුමාර් ගුණරත්නම් සඳහන් කළා.
එසේම බදු ප්‍රතිපත්තියේදී ජනතාවට වාසි වන ආකාරය ගැන නොසලකා ධන කුවේරයන්ට සහ සහ සමාගම් වලට වාසි වන ආකාරයට ආණ්ඩුව කටයුතු කරන බව ඒ මහතා පවසයි. මේ ආකාරයේ ජනතාවට තීරණාත්මක කාරණා සම්බන්ධව රජය කටයුතු කරන ආකාරය සැහීමකට පත් නොවන අතර එවැනි කාරනා පැහැදිලිවම කරන බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.
