අර්ජුනාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ තීන්දුවක් ඉල්ලයි…

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම වැඩි දුර සලකා බැලීම සඳහා අගෝස්තු 1දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර ඇත.
ඒ මෙම පෙත්සම අද (26) මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළ අතර, එහිදී ඔහු පෙත්සමින් සඳහන් කර ඇත්තේ
අර්ජුනා මන්ත්‍රීවරයා වෛද්‍යවරයකු වශයෙන් රාජකාරි කරමින් සිටියදී එම තනතුරෙන් නිල වශයෙන් ඉවත් නොවී තම නාමය මැතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති බවය.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට අනුව මෙය නීති විරෝධී ක්‍රියාවක් වන බැවින්, එම මූලිකතාව මත අර්ජුනා රාමනාදන් මහතාට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට සුදුසුකම් නොමැති බව පෙත්සම්කරු පෙන්වා දෙයි.

ඒ අනුව, අර්ජුනා රාමනාදන්ට මන්ත්‍රී ධූරය දැරීම සඳහා සුදුසුකම් නොමැති බවට සහ මන්ත්‍රී ධූර බල රහිත බව සඳහන් කරමින් අභියාචනාධිකරණය විසින් විශේෂ තීන්දුවක් ලබා දෙන ලෙස ඕෂල හේරත් මහතා ඉල්ලා සිටියා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading