කට වහන්න ගෙනා පනතට එරෙහි පෙත්සම් විභාගය කල් යයි…

ඉකුත් රජය සමයේ සම්මත කරන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත (Online Safety Act) සංශෝධනය කළ යුතු ආකාරය සොයා බැලීම සඳහා රජය විසින් විශේෂ කමිටුවක් පත් කර ඇති බව නීතිපතිවරයා අද (23) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

ඒ එම පනත සම්මත කිරීමේ ක්‍රියාවලිය සහ කථානායකවරයාගේ සහතික කිරීම නීතියට පිටව සිදු කර ඇති බව පවසමින් ආචාර්ය අම්භිකා සත්කුණනාදන් ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් අද කැඳවූ අවස්ථාවේදීය.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් පෙනී සිටි අතර, මෙම පනත සංශෝධනය කළ යුතු ආකාරය පිළිබඳව අධ්‍යයනය කිරීමට කමිටුවක් පත්කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

මෙම පෙත්සම් සලකා බැලූයේ විනිසුරු එස්. තුරෙයි රාජා, ඒ.එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ අචල වෙංගප්පුලි යන විනිසුරු මඩුල්ලක් ඉදිරියේය.

මෙහිදී විනිසුරු මඩුල්ලේ විනිසුරු තුරෙයි රාජා සඳහන් කළේ මෙලෙස මෙම පෙත්සම් සලකා බැලීම දිගටම කල් දැමීම අනුමත කළ නොහැකි බවයි. විනිසුරු මඩුල්ල නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාට අවධාරණය කළේ මේ පිළිබඳව ඉක්මණින් තීරණයක් ගත යුතු බවය.
ඒත් සමගම, අවසන් වතාවට පමණක් දිනයක් ලබාදෙන බවත් විනිසුරුවරයා පවසා සිටියාය.

මෙහිදී ජනාධිපති නීතිඥ විරාන් කොරයා ඇතුළු නීතිඥවරු පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙන්වා දුන්නේ මෙම පනත සම්මත කළ ආකාරය නීතියට පටහැනි බැවින් එය අහෝසි කර වෙනත් සුදුසු පියවරක් ගත යුතු බවයි.

එම පදනම මත, එහිදී විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරුන්ට නියම කළේ පෙත්සම්කාර පාර්ශවයේ මතය සති දෙකක් ඇතුළත පනත පිළිබඳව අධ්‍යනය කිරීමට පත් කර ඇති කමිටුව වෙත ඉදිරිපත් කරන ලෙසය.

එමෙන්ම මෙම පෙත්සම් නැවත සලකා බැලීම සඳහා සැප්තැම්බර් 11 වන දා නියම කළ බවද විනිසුරු මඩුල්ල පවසා ඇත. පෙත්සම්කරුවන් විශේෂයෙන් අවධාරණය කළේ, මෙම පනත සම්මත කළේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙරදී ලබාදුන් නිගමනවලට පටහැනිව බවත්, එම නිසාම එය නීතියට පිටව සම්මත කර ඇති බවත්ය.

එමෙන්ම, මෙම ක්‍රියාවලිය ඔස්සේ තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව සඳහන් කරමින්, ඒ පිළිබඳව නිශ්චිත තීන්දුවක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කළ අවස්ථාවේ සිට සමාජයෙන් දැඩි විරෝධතාවයක් මතු වුවද එම විරෝධතා සත පහකට මායිම් නොකරමින් මර්දනීය පාර්ලිමේන්තුව එය සම්මත කරනු ලැබුවා. මෙම මනත පැහැදිළිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් වන ප්‍රක්ෂණයේ සහ භාෂණයේ නිදහස උල්ලංගනය කිරීමක් ලෙස පැවසිය හැකිය.

මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කළ අවස්ථාවේ සිට සමාජයෙන් දැඩි විරෝධතාවයක් මතු වුවද එම විරෝධතා සත පහකට මායිම් නොකරමින් මර්දනීය පාර්ලිමේන්තුව එය සම්මත කරනු ලැබුවා. මෙම මනත පැහැදිළිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් වන ප්‍රක්ෂණයේ සහ භාෂණයේ නිදහස උල්ලංගනය කිරීමක් ලෙස පැවසිය හැකිය.

වත්මන් ආණ්ඩුවද මෙය කරපින්නාගෙන යන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කුණු බක්කියට විසි කරමින්දැයි සිතේ. මක් නිසාද යත් සමාජ මාධ්‍ය ඇතුළු මාර්ග ගත ක්‍රම වල සුරක්ෂිත තාවය යනුවෙන් ආ මෙම පනත මර්දනීය පනතකි. මෙහි අපේක්ෂාව මාර්ගගත ක්‍රම හරහා ආණ්ඩුවට සිදු වන විවේචනයන් සහ විචාරයන් මර්දනය කිරීම හැර අන් යමක් නොවේ. NPP ආණ්ඩුවත් මහජන මතයට ඇහුන්කම් දිය නොහැකි, ආණ්ඩුවේ වැරදි ක්‍රියාවන් විවේචනයන් සමාජ මාධ්‍ය හරහා පැමිණියහොත් ඒවා නිහතමානීව දරාගෙන නොහැකි බියගුළු සහ උත්තර දෙනවා වෙනුවට පහර දෙන ආණ්ඩුවක් නම් මෙය නිසැකවම ඉදිරියට ගෙන යනු ඇත. මෙය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් නම්, නුතන ප්‍රකාශන මාදිලි පිළිබඳව අවබෝධයක් නැති ළිං ගෙම්බන් නොවේනම්, ජනතාවට නිදහසේ අදහස් ප්‍රකාශ කරීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ගරු කරන්නේ නම් නිසැකවම මේ පනත හකුළා ගනු ඇත.

මක් නිසාද යත් මෙවැනි මර්දන නීති ගෙනවිත් ජනතාව, සමාජය, ලියන මිනිස්සු සහ විකල්ප සිතීම නැවැත්විය නොහැකි බව මේ ආණ්ඩුව පෙර පවතී නරුම ආණ්ඩු වලට වඩා දන්නවා යයි අපි සිතමු.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading