බොරතෙල් මිල ඉහළට… තෙල් මිල වැඩි වෙයිද?

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ඇමෙරිකාව විසින් එල්ල කළ ප්‍රහාරය නිසා ගෝලීය වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ජාත්‍යන්තර ප්‍රමිතිය වන බ්‍රෙන්ට් බොරතෙල් මිල 3.3% කින් ඉහළ ගොස් බැරලයක මිල ඩොලර් 79.60 ක් වී ඇත. එක්සත් ජනපද බොරතෙල් බැරලයක මිල 3.18% කින් ඉහළ ගොස් ඇති අතර එහි මිල ඩොලර් 76.19 ක් වී ඇත.
ඉරානය ප්‍රධාන තෙල් නිෂ්පාදකයෙකු වන අතර ලෝකයේ බොරතෙල් බොහොමයක් ගමන් කරන පටු හෝමූස් සමුද්‍ර සන්ධියේ පිහිටා ඇත. ඇස්තමේන්තු උපුටා දක්වන ඔපෙක් වාර්තාවකට අනුව, ඉරානය මැයි මාසයේදී දිනකට දළ වශයෙන් බැරල් මිලියන 3.3 ක් නිෂ්පාදනය කර ඇත. එය වසා දැමීමත් සමග මේ තත්වය තවත් උග්‍ර වනු ඇති බව විශ්ලේෂකයන්ගේ අදහසයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට උත්සාහ කිරීමට එරෙහිව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ඉරානයට අනතුරු අඟවා තිබේ. ඔවුන්ගේ අපනයන ජල මාර්ගය හරහා ගමන් කරන බැවින් එය ඉස්ලාමීය ජනරජයට “ආර්ථික සියදිවි නසා ගැනීමක්” වනු ඇතැයි රුබියෝ පැවසීය.

ඉරානයට සම්බන්ධ සටන්කාමීන් 2019 සැප්තැම්බර් මාසයේදී සෞදි ඇරම්කෝ හි අබ්කායික් පහසුකමට පහර දෙන ලදී. සෞදි අරම්කෝ හි අබ්කායික් පහසුකම ලොව විශාලතම බොරතෙල් නිෂ්පාදන කම්හල වන අතර එය දිනකට බොරතෙල් බැරල් මිලියන 7 ක් පමණ සකසයි. මෙම සිද්ධියෙන් පසුව ද ගෝලීය තෙල් නිෂ්පාදනයෙන් 5% ක් තාවකාලිකව නතර වූ අතර, බ්‍රෙන්ට් තෙල් එක් දිනක් තුළ 20% කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යමින් ඉතිහාසයේ විශාලතම එක්දින මිල ඉහළ යාම සනිටුහන් කළේය.
බලශක්ති අමාත්‍යංශය සහ අමාත්‍යවරයා ජනතාවගේ හිත හැදීමට කවර කතා කීවද, යම් හෙයකින් ඉරානයේ ජාතික ආරක්ෂක කවුන්සිලය ( Iran’s national security counci හෝමූස් වසා දැමීමට අවසන් තීරණය ගතහොත් ලංකාවේ ද තෙල් ඉහල යාම ආණ්ඩුවට නැවැත්විය නොහැකිය. මේ වන විටත් බොර තෙල් ඉහල යාම ගෝලීයව සිදු වන බැවින් ඉදිරි මාසය තුළ තෙල් මිල වැඩි වීමක් අපේක්ෂා කල හැකිය.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading