ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එක්සත් ජනපදය විසින් එල්ල කරන ලද ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව වන මජ්ලිස් අනුමැතිය ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලෝකයේ රටවල් රැසකට තෙල් අර්බුධයකට මුහුණ පෑමට සිදු වන තීරණයක් ඉරානය විසින් ගැනීමට සූදානම් වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත. ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එක්සත් ජනපදය විසින් එල්ල කරන ලද ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව වන මජ්ලිස් අනුමැතිය ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වාර්තාවට අනුව, හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම පිළිබඳ අවසාන තීරණය ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය සතුය. හෝමූස් සමුද්‍ර සන්ධිය පර්සියානු බොක්ක ඕමාන් බොක්ක සහ අරාබි මුහුද සමඟ ඉන්දියානු සාගරයට සම්බන්ධ කරන අතර එය ලෝකයේ වැදගත්ම තෙල් වෙළඳ මාර්ගවලින් එකකි. මෙම සමුද්‍ර සන්ධිය පර්සියානු බොක්ක අරාබි මුහුදට සහ කරයි. එහි පටුම ස්ථානය සැතපුම් 21 (කිලෝමීටර් 33) ක් පළල වන අතර, නැව් මාර්ගය දෙපැත්තටම පළල සැතපුම් 2 (කිලෝමීටර් 3) කි.
මේ තීරණය ක්‍රියාත්මක වුවහොත් ඉන්දියාවට තෙල් සම්බන්ධයෙන් දැවැන්ත අර්බුධයන් රැසකට මුහුණ පෑමට සිදු වනු ඇත. මක් නිසාද මේ හරහා ඉන්දියාව සිය තෙල් අවශ්‍යතාවයෙන් 80% ක් පමණ ආනයනය කරන බැවින් මෙය ඉන්දියාවේ තෙල් මිල සම්බන්ධයෙන් තීරණාත්මක සාධකයක් වේ.
කෙසේ වුවද, ඉන්දීය ඛනිජ තෙල් අමාත්‍ය හර්දීප් පූරි සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ මේ තීරණය ඉන්දියාවට එතරම් ගටළුවක් නොවන බවයි. ඔහු සඳහන් කර ඇත්තේ “පසුගිය සති දෙකේ සිට මැදපෙරදිග පරිණාමය වෙමින් පවතින භූ දේශපාලනික තත්ත්වය අපි සමීපව නිරීක්ෂණය කරමින් සිටිමු. “අගමැති නරේන්ද්‍ර මෝදී මහතාගේ නායකත්වය යටතේ, අපි පසුගිය වසර කිහිපය තුළ අපගේ සැපයුම් විවිධාංගීකරණය කර ඇති අතර අපගේ සැපයුම් විශාල ප්‍රමාණයක් දැන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා පැමිණෙන්නේ නැත. අපගේ තෙල් අලෙවිකරණ සමාගම්වලට සති කිහිපයක සැපයුම් ඇති අතර මාර්ග කිහිපයකින් බලශක්ති සැපයුම් දිගටම ලැබෙමින් පවතී. අපගේ පුරවැසියන්ට ඉන්ධන සැපයුම්වල ස්ථාවරත්වය සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර අපි ගන්නෙමු” යනුවෙනි.
එසේම, එක්සත් ජනපද බලශක්ති තොරතුරු පරිපාලනයට (U.S. Energy Information Administration) අනුව, 2024 දී ගෝලීය ද්‍රව ඛනිජ තෙල්වලින් 20% ක් පමණ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ අතර, 2025 පළමු කාර්තුව දක්වා මෙය දිගටම සිදු කර ඇත.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය යනු ලෝකයේ වඩාත්ම තීරණාත්මක පොයින්ට් එකක් වන අතර, එමඟින් ගෝලීය තෙල්වලින් පහෙන් එකක් සහ ලෝකයේ ද්‍රව ස්වාභාවික වායු සැපයුමෙන් තුනෙන් එකක් ගලා යයි. ඉරානය මේ තීරණය ගනු ඇති බවට මීට පෙර බොහෝ විශ්ලේෂකයින් අනතුරු අඟවන ලද නමුත් එය එසේ නොවීය. ඉරානය අතීතයේ දී හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමන බවට කිහිප වතාවක්ම තර්ජනය කර ඇතත්, කිසි විටෙකත් සිදු කළේ නැත. නැත. නමුත් ඇමෙරිකාව විසින් එල්ල කරන ලද ප්‍රහාරය නිසා එම තීරණය කඩිනම් කර ඇති බව පෙනේ.
දිනකට තෙල් බැරල් මිලියන 17 ත් 18 ත් අතර ප්‍රමාණයක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන අතර, එය ලෝකයේ වඩාත්ම තීරණාත්මක තෙල් හුවමාරු ස්ථානයකි. ලෝකයේ දෙවන විශාලතම LNG අපනයනකරු වන කටාර් සිට ද්‍රව ස්වාභාවික ගෑස් (LNG) ප්‍රවාහනය ද මෙහි සිදු වේ. පර්සියානු ගල්ෆ් කලාපයේ නිෂ්පාදනය කරන තෙල් සහ ගෑස් අපනයනය කරන ප්‍රධාන මාර්ගය මෙය වන අතර මෙම මාර්ගය භාවිත කරන රටවල් ලෙස සෞදි අරාබිය, ඉරානය, ඉරාකය, කුවේට්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් (විශේෂයෙන් LNG සඳහා) යනාදී රටවල් හැඳින්විය හැකිය. ජාත්‍යන්තර නීතිය යටතේ නැව් ඉරාන සහ ඕමාන් භෞමික මුහුදු සීමාවන් හරහා ගමන් කළ යුතු අතර එය පර්සියානු ගල්ෆ් ඕමාන් ගල්ෆ් සහ අරාබි මුහුද සමඟ සම්බන්ධ වේ.
මෙම තීරණය ඔවුන් ස්ථිර කළහොත් ගෝලීය වශයෙන් තෙල් හා ගෑස් සැපයුම් අඩාල වන අතර බලශක්ති මිල ඉහළ යාම නිසැකවම සිදු වන ඇති අතර රටවල් වල ආර්ථික අර්බුධයන් නිර්මාණය කිරීමට ප්‍රධාන වශයෙන් ඉවහල් වනු ඇත.
ඉරානයේ මේ තීරණය ශ්‍රී ලංකාවටද ඉතා නරක ආකාරයට බලපෑ හැකිය. ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම පාහේ ආනයනික ඉන්ධන මත යැපෙන රටක් බැවින් ගෝලීය වෙළඳ පොලේ තෙල් බැරලයක මිල ඉහළ යාම හමුවේ තෙල් මිල ඉහළ යාම අනිවාර්යයෙන් සිදු විය හැකි දෙයකි.
මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ඉතා සංවේදී තැන් ස්පර්ශ කරමින් උද්දමනය ඉහළ යාම කෙරෙහි සෘජුව බලපෑ හැකි අතර නැවත වටයකින් ආර්ථික අර්බුධයක් කරා රට ගමන් කිරීම නොවැලක්විය හැකි කාරණයක් වනු ඇත. බලශක්ති අමාත්යංශය සහ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දිගින් දිගටම පුනරුච්චාරණය කරමින් කියා සිටින්නේ මාස දෙකකට තෙල් සංචිත රට තුළ පවතින බවයි. ඒවා මහත් උජාරුවෙන් කියන අමාත්‍යවරයා ගෝලීය යුධ වාතාවරණය හමුවේ ඇති විය හැකි නිසැක අවධානම පිළිබඳව අවබෝධ කර ගනිමින් උජාරුව පසෙක තබා මහජන නියෝජිතයෙකු ලෙස දුර දකිමින් කටයුතු කිරීම අනිවාර්යය වේ.
