ජනතාව අඩු වැඩි වෙන විදුලි බිලට පුරුදු වෙන්න ඕන – කේ.ඩී. ලාල්කාන්ත

විදුලිය හෝ වෙනත් ඕනෑම භාණ්ඩයකට යන පිරිවැය අනුව ඒවායේ මිල වෙනස් වන බැවින් විදුලි බිල වැඩි වීමටද එය බලපා ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත පවසයි.

NPP ආණ්ඩුව පැමිණීමෙන් පසුව පළමු වතාවට විදුලි මිල විශාල ලෙස අඩු කිරීමක් කළ බවත් මේ දින වල එය වැඩි වී ඇති බවත් ඔහු එහිදී සඳහන් කරන ලදී. එලෙස වැඩි වෙනකොට සහ අඩු වෙනකොට ඒ දෙකටම ජනතාව පුරුදු වෙන්න අවශ්‍ය බව ප්‍රකාශ කරන ලදී.

අපේ දේශපාලන සංස්කෘතිය ප්‍රශ්නයක් තිබෙන බවත් එම නිසා මිල අඩුවන විට අඩු කළ බවට පෙනී ඉන්න අය වැඩි කල විටදී හැන්ගෙන බව ඔහු ප්‍රකාශ කළා. මෙය දේශපාලනික පරිවර්තන කාලයක් නිසා මෙවැනි කාල වල මිල අඩු වැඩි වීම සිදු විය හැකි බවත් ඔහු සඳහන් කළා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading