කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේට CID එන්නැයි දැනුම්දීමක්

රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙන්නැයි දැනුම්දී තිබෙනවා.

ඒ, සිවිල් පුද්ගලයෙකු කළ පැමිණිල්ලකට අදාළ විමර්ශන සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

ඒ අනුව අද පෙරවරු 11.00 ට ඩිෂාන් ගුණසේකර මහතා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමට නියමිතයි.

Author

Related Posts