දැරියකට ලිංගික අතවර කළ බවට පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට

තිස්සමහාරාම ප්‍රදේශයේදී 16 හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි සැරයන්වරයකු අත්අඩංගුවට තිබෙනවා.

පොලිසිය සදහන් කළේ අදාල ප්‍රදේශයේ නිවසකට පැමිණිල්ලක් විභාග කිරීමට ගොස් සිටියදී කාමරයක් තුළදී එම දැරිය ලිංගික අතවරයට ලක්කර ඇති බවයි.

තිස්සමහාරාමයේ පදිංචි ඉහත දැරිය නිවස තුළ කලහකාරී ලෙස හැසිරෙන බවට ඊයේ (02) රාත්‍රියේ පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත ලද දැනුම්දීමකට අනුව පොලිසියේ රාත්‍රී ජංගම සංචාර රාජකාරියේ යෙදී සිටි ඉහත සැකකාර සැරයන්වරයා දැරියගේ නිවසට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එහිදී, සිද්ධිය සම්බන්ධයෙන් දැරියගෙන් තොරතුරු විමසීම සඳහා සැකකාර සැරයන් දැරිය රැඳී සිටි කාමරය වෙත ගොස් ඇය සමග කතා කරමින් සිටින අතරතුර ලිංගික අතවර කළ බවට පොලිස් ස්ථානය වෙත කර තිබූ පැමිණිල්ලකට අනුව සැකකාර සැරයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර සැරයන්වරයා අද තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Author

Related Posts