රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මෙන්ඩිස් ඩිස්ටිලරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තවත් අයෙකු අද (22) නිදහස් කර තිබෙනවා.
රුපියල් මිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාව මත අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ තවත් අයෙකු පසුගි ඔක්තෝම්බර් මාසයේදී රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ඒ මාස 6ක කාලයක් සඳහායි.
ඒ අනුව අදාළ දඬුවම් කාලයෙන් පසු ඔවුන් දෙදෙනා අද මුදා හැරිය බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
