රාජපක්ෂලා යටගැසූ නඩු අනුරලා යළි අදී! බැසිල්, නාමල්, මහින්ද ඇතුළු පිරිස් ගස් යයිද?

බරපතල මූල්‍ය වංචා, මිනීමැරුම් ඇතුළු විවිධ චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍යවරුන් පස්දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි ලංකාදීප පුවත්පත වාර්තා කර තිබුණි.

එහි සඳහන් කර තිබුණේ, හිටපු රජය සමයේදී ඉල්ලා අස් කරගැනීමට කටයුතු කළ අල්ලස් නඩු නැවත කැඳවීමට මෙලෙස තීන්දු කර ඇති බවය.   

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටි සමයේ හිටපු ඇමතිවරුන් වන බැසිල් රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල, ප්‍රියංකර ජයරත්න, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මහින්දානන්ද අලුත්ගමගේ යන හිටපු ඇමතිවරුන්ට එරෙහිව පැනවූ අල්ලස් නඩු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඉල්ලා අස් කරගෙන ඇත.  

ඊට අමතරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහි නඩුත්, ගෝඨාභය රාජපක්ෂට එරෙහි නඩුත් ඉල්ලා අස් කරගෙන තිබුණි. ඊට අමතරව නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ යන ඇමතිවරුන්ට එරෙහි නඩුත් ඉල්ලා අස් කර ගැනීමට කටයුතු කර තිබුණේ, තාක්ෂණික හේතු සඳහන් කරමිනි.

රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට එරෙහි නඩු 13ක් ඒ අතර පවතී.   

මෙලෙස නඩු ඉල්ලා අස් කරගැනීමට පසුගිය රජය සමයේ කටයුතු කළේ, ඉතාම සූක්ෂම උපක්‍රමයක් අනුගමනය කරමිනි. යහපාලන ආණ්ඩුව සමයේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සිටි කොමසාරිස්වරුන් තිදෙනාගේම අත්සන් නොමැතිව, නඩු ගොනු කිරීමට කටයුතු කර තිබුණු අතර පසුව එසේ තිදෙනාම අත්සන් නොකළ බව කියමින් නඩු ඉල්ලා අස් කර ගැනීමට කටයුතු කර තිබුණි.

ඒ අනුව, නඩු නිදහස් කරගැනීමට නිලධාරී කණ්ඩායම් සූක්ෂම ලෙස කටයුතු කර තිබුණි. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් නෙරපා, ඔවුන්ගේ වංචා දූෂණවලට දඬුවම් කරන බව පොරොන්දු වෙමින් බලයට පත් වූ යහපාලන ආණ්ඩුව සමයේදී මෙලෙස නඩු ඉල්ලා අස් කරගැනීම තුළින් ආණ්ඩු මාරු වුණත් පාලන කටයුතු සිදු කරන්නේ එකම දූෂිත, චෞර පාලක පැලැන්තියක් විසින් බව මැනවින් පෙනී ගොස් තිබුණි. මේ තත්වය පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස දැඩිව විවේචනය කර තිබුණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සති දෙකකට ඉහතදී ජාත්‍යන්තර දූෂණ විරෝධී දින සැමරුම මොහොතේ මෙලෙස නඩු ඉල්ලා අස් කරගැනීම පිළිබඳ දැඩිව ප්‍රශ්න කිරීමට ලක් කර තිබුණි. එම පසුබිමේ නඩු නැවත කැඳවීමට කටයුතු කර ඇත.

මෙලෙස ඉල්ලා අස් කරගත් නඩු අංක පහත දැක්වේ.

Rajapaksa Family

  1. Gotabaya Rajapaksa
    • Case No: BC/902/15A – Asset case
  2. Mahinda Rajapaksa
    • Case No: BC/2992/15 – Asset case
  3. Basil Rajapaksa
    • Case No: BC/902/15 – Asset case
    • Case No: BC/837/15 – Asset case
    • Case No: BC/637/15 – Asset case
    • Case No: BC/1769/15 – Asset case
    • Case No: BC/289/15 – Misuse of public property
  4. Namal Rajapaksa
    • Case No: BC/1253/15 – Asset case
    • Case No: BC/3130/15 – Asset case
    • Case No: BC/1614/15 – Asset case
    • Case No: BC/462/16 – Asset case
  5. Yoshitha Rajapaksa
    • Case No: BC/1811/16 – Asset case
    • Case No: BC/C/2160/16 – Joining the Sri Lanka Navy without required educational qualifications

Other Politicians and Officials

  1. Priyankara Jayaratne (Former Minister of Civil Aviation)
    • Case No: BC/438/16 – Corruption case
    • Case No: BC/1586/15 – Corruption case against his Coordinating Secretary
  2. Dammika Perera (Former Secretary, Transport Ministry)
    • Case No: BC/2591/15 – Corruption case
  3. Keheliya Rambukwella
    • Case No: BC/41/15D – Corruption case involving the Sri Lanka Rupavahini Corporation
    • Case No: BC/1456/12 – Twelve cases with the Printing Corporation
    • Case No: BC/41/15 – Corruption case (important documents misplaced)
  4. Rohitha Abeygunawardena
    • Case No: BC/144/05 – Asset case
  5. Mahindananda Aluthgamage
    • Case No: BC/2399/15 – Carom Board corruption case
  6. Nissanka Senadhipathi
    • Case No: BC/2051/16 – Bribery and corruption case
    • Case related to a bribe of Rs. 35 million to Maj. Gen. Palitha Fernando
  7. Major Gen. Wijegunawardena
    • Case No: BC/0290/17 – Corruption case involving valuation officers
  8. Bhashwara Senanka and Rumi Jaufer
    • Case No: BC/11/15 – Corruption case related to Sri Lanka Tourism

Additional Cases Withdrawn

  1. Johnston Fernando
    • Case No: BC/716/15 – Corruption case

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading