Wednesday, October 4

Tag: Opposition begins signing No Confidence Motion against Health Minister

ඇමති කෙහෙළියට එරෙහි විශ්වාසභංගයට අත්සන්
Top News

ඇමති කෙහෙළියට එරෙහි විශ්වාසභංගයට අත්සන්

වගකීම් විරහිත ලෙස ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ ගෙන්වා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දුර්වල කිරීම හා එමඟින් මරණ සිදුවීම යන කරුණු හේතු කරගෙන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ජුලි 20 වන දින සමගි ජන බලවේගය කටයුතුකර ඇත. බාල සහ ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම සහ භාවිතය හේතුවෙන් පසුගිය කාලයේ රෝහල් පද්ධතිය තුළ විශාල මරණ සංඛ්‍යාවක් සිදු වු බවත් ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම සමගි ජන බලවේගය දැනුවත් කළ නමුත් ඒ පිළිබඳ රජය තැකීමක් නොකර හදිසි අවස්ථාවක් යැයි සලකා ප්‍රසම්පාදන හා ලියාපදිංචි ක්‍රියාවලියෙන් බැහැරව එම ඖෂධ ගෙන්වීම සිදුවූ අතර ඒ හේතුවෙන් මෙරට ප්‍රධාන පෙළේ රෝහල් ගණනාවකම ජීවිත අහිමි වීම් සිදුවු බව ද සමගි ජන බලවේගය සදහන් කර ඇත. එම කරුණු මුලික කරගනිමින් මෙම විශ්වාසභංග යෝජනාව අත්සන් තැබීම අද සිදුව ඇති අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක සජි...