වගකීම් විරහිත ලෙස ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ ගෙන්වා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දුර්වල කිරීම හා එමඟින් මරණ සිදුවීම යන කරුණු හේතු කරගෙන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ජුලි 20 වන දින සමගි ජන බලවේගය කටයුතුකර ඇත.
බාල සහ ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම සහ භාවිතය හේතුවෙන් පසුගිය කාලයේ රෝහල් පද්ධතිය තුළ විශාල මරණ සංඛ්‍යාවක් සිදු වු බවත් ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම සමගි ජන බලවේගය දැනුවත් කළ නමුත් ඒ පිළිබඳ රජය තැකීමක් නොකර හදිසි අවස්ථාවක් යැයි සලකා ප්‍රසම්පාදන හා ලියාපදිංචි ක්‍රියාවලියෙන් බැහැරව එම ඖෂධ ගෙන්වීම සිදුවූ අතර ඒ හේතුවෙන් මෙරට ප්‍රධාන පෙළේ රෝහල් ගණනාවකම ජීවිත අහිමි වීම් සිදුවු බව ද සමගි ජන බලවේගය සදහන් කර ඇත.
එම කරුණු මුලික කරගනිමින් මෙම විශ්වාසභංග යෝජනාව අත්සන් තැබීම අද සිදුව ඇති අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජුලි 20 දින පාර්ලිමේන්තුවේ දී පවසා සිටියේ ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට කොන්දක් තිබේ නම් විශ්වාසභංග යෝජනාවට අත්සන් කරන ලෙසත් එසේ ම රටක සෞඛ්‍ය යනු ජනතාවගේ ජන ජීවිතය බවත් සෞඛ්‍ය පිරිහීම ජනජීවිතයේ කඩාවැටීමට හේතුවක් බවත්ය.
අද දිනයේ රංජිත් මද්දුමබණ්ඩාර, ලක්ෂ්මන් කිරිඇල්ල, රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා ඇත.