Monday, September 25

Tag: gotabaya rajapaksa

මන්දිරයේ තිබුණේ පක්ෂයේ ව්‍යාපාරිකයන් අරමුදලකට එකතු කළ සල්ලි! ගෝඨාට අවුරුද්දකට පස්සේ මතක් වෙලා..
Top News

මන්දිරයේ තිබුණේ පක්ෂයේ ව්‍යාපාරිකයන් අරමුදලකට එකතු කළ සල්ලි! ගෝඨාට අවුරුද්දකට පස්සේ මතක් වෙලා..

ජූලි 09 වන දින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව එම ධුරයෙන් පැන්නීම සඳහා කොළඹට එකතු වූ ජනතාවට ජනාධිපති මන්දිරයේ නිළ කාමරයේ තිබී හමු වූ රුපියල් එක්කෝටි 78 ලක්ෂයකට අධික මුදල මැයි 09 වන දින පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන්ගේ විනාශ වු නිවාස හා දේපල යථා තත්ත්වයට පත් කිරීම සදහා එම පක්ෂයේ ව්‍යාපාරිකයන්ගේ අරමුදලකට එකතු වු මුදල් බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජුලි 19 දින අධිකරණය හමුවේ පවසා ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත්තේ ගෝඨාභය මහතා තම දෙපාර්තමේන්තුවට ලබා දුන් දෙවන ප්‍රකාශයේ මෙසේ පැවසූ බවය. මාර්තු 31 දින මිරිහාන සිද්ධියෙන් පසුව ජනාධිපති මන්දිරයේ ඔහු පදිංචිව සිටි බවත් ජනතාව ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීමෙන් අනතුරුව එහි තිබු ලේඛන විශාල ප්‍රමාණයක් අස්ථාන ගත වී ඇති බවත් මුදල් ලැබුණු ලේඛනය මේ වනවිට අස්ථාන ගතවීම හේ...