ජූලි 09 වන දින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව එම ධුරයෙන් පැන්නීම සඳහා කොළඹට එකතු වූ ජනතාවට ජනාධිපති මන්දිරයේ නිළ කාමරයේ තිබී හමු වූ රුපියල් එක්කෝටි 78 ලක්ෂයකට අධික මුදල මැයි 09 වන දින පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන්ගේ විනාශ වු නිවාස හා දේපල යථා තත්ත්වයට පත් කිරීම සදහා එම පක්ෂයේ ව්‍යාපාරිකයන්ගේ අරමුදලකට එකතු වු මුදල් බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජුලි 19 දින අධිකරණය හමුවේ පවසා ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත්තේ ගෝඨාභය මහතා තම දෙපාර්තමේන්තුවට ලබා දුන් දෙවන ප්‍රකාශයේ මෙසේ පැවසූ බවය.
මාර්තු 31 දින මිරිහාන සිද්ධියෙන් පසුව ජනාධිපති මන්දිරයේ ඔහු පදිංචිව සිටි බවත් ජනතාව ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීමෙන් අනතුරුව එහි තිබු ලේඛන විශාල ප්‍රමාණයක් අස්ථාන ගත වී ඇති බවත් මුදල් ලැබුණු ලේඛනය මේ වනවිට අස්ථාන ගතවීම හේතුවෙන් එම මුදල් ලැබාදුන් අයගේ නම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට නොහැකි බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර ඇති බවත් ගෝඨාභය මහතා පවසා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කරුනු දක්වමින් පවසා ඇත.
එම මුදල් තමාගේ බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙකු අයිතිවාසිකම් කියන බවට අධිකරණයට දැනුම්දීම සම්බන්ධයෙන් මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසීමක් සිදු කර ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ අදාල මුදල් සම්බන්ධයෙන් සහ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට අදාල උදෘත මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගැනෙන්නේ ද යන්න පිළිබදව නීතිපතිවරයාගෙන් කරුණු විමසන බවය.
තවද අධිකරණ නියෝග ප්‍රකාරව අධිකරණයේ පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරිය කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාගෙන් ජුලි 28 දින මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බවත් හිටපු ජනාධිපතිවරයා දැනුම් දෙන ස්ථානයකට ගොස් එම ප්‍රකාශය ලබා ගන්න බව ලිපියක් මගින් දැනුම් දී තිබෙන බව ද ඇය අධිකරණය හමුවේ කරුණු දක්වා ඇත.
අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියට නැවතත් නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය ඉදිරි දිනයේ අධිකරණයට දැනුම් දෙන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.