චමරිගේ දස්කම් වෙනුවට, ඇඟේ හැඩ බලන පත්තර!
මෙරටින් බිහි වූ විශිෂ්ඨම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස සලකන චමරි අතපත්තුගේ, ක්‍රීඩා කෞෂල්‍ය වෙනුවට ඇගේ බාහිර පෙනුම සහ ශරීරය පිළිබඳ සිය අදහස් සටහන් කරමින් පුවත්පත් කිහිපයක් වාර්තාකරණයේ යෙදුණු ආකාරය එතික්ස් අයි ආයතනයේ නිරීක්ෂණයට ලක් වී තිබේ.
ක්‍රීඩාව වාර්තා කරන බොහෝ වාර්තාකරුවන් ක්‍රීඩිකාවන් ගැන වාර්තා කිරීමේදී ඔවුන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය වෙනුවට ශරීර පෙනුමට මුල් තැනක් දෙන අයුරු කාලයක් තිස්සේ ප්‍රවණතාවක් ලෙස දක්නට ලැබී ඇති කාරණයකි.
එම ආයතනය පහත පළකිරීම සිදු කර තිබේ.
පුවතට අදාළ වන්නේ, ඇයගේ ක්‍රීඩා කෞශල්‍යය ද? බාහිර රූපය ද?
ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ වෙනස් කොට සැලකීම්, තවමත් මාධ්‍ය තුළ දක්නට ලැබීම කණගාටුවට කරුණකි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් ඇති වාර්තාකරණයන් අතර වෙනස ද වන්නේ මෙම ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ වෙනස්කම්ය.
විශේෂයෙන්ම ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී ඔවු...