ඥානසාරගේ ඇඳුම ගැන ගැසට් එකට අනුව ක්‍රියා කරනවා – බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්

සිරගත කර සිටින බෞද්ධ භික්ෂුවකගේ හෝ වෙනත් ආගමික පූජකවරයෙකුගේ ඇඳුම සම්බන්ධයෙන් තමාට ක්‍රියා කල හැක්කේ පසුගිය දිනවල නිකුත් කර ඇති ගැසට් පත්‍රයට අනුව බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

ඔහු ඒ බව ප්‍රකාශ කළේ බන්ධනාගාරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාරට ධර්ම විනයානුකූලව යළි සිවුරු පෙරවීම සඳහා සුදුසු දිනයක් සහ වේලාවක් ලබාදෙන ලෙස ඉල්ලා කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කරන ලද ලිපිය පිලිබඳ කළ විමසීමකදීය.

එම ලිපිය සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් Whatnews කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ අදාළ ලිපිය ඉදිරි පියවර සඳහා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ බවයි.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් පළ කළ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ අදාළ ගැසට් පත්‍රයේ සඳහන්ව ඇත්තේ බෞද්ධ භික්ෂුවක් හෝ වෙනත් ආගමික පූජකවරයෙකු බන්ධනාගාරයෙන් පිටතට ගෙන එන විට ඔහුගේ ඇඳුම සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග මිස ඔහු බන්ධනාගාරය තුළ සිටියදී ඇඳ සිටිය යුතු ඇඳුම කුමක්ද යන්න නොවන බවයි.

Author

Leave a Reply

Related Posts