හිරුණිකාගේ අභියාචනයට බෙදුනු තීන්දුවක්

මහාධිකරණය විසින් තමාට එරෙහිව පනවා ඇති සිරදඬුවමට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අභියාචනය සම්බන්ධයෙන් බෙදුනු තීන්දුවක් ලැබීම නිසා එය යළි අභියාචනාධිකරණ සභාපති විනිසුරු හමුවේ හෙට (නොවැම්බර් 11) සලකා බැලීමට නියම කර ඇත.

එම අභියාචනය පිළිබඳ තීන්දුව අද (නොවැම්බර් 10) ප්‍රකාශයට පත්කිරීම සඳහා අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන පී කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි හමුවේ කැඳවූ අවස්ථාවේ විනිසුරු පී කුමාර රත්නම් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ විනිසුරු මඩුල්ලේ තීන්දුව බෙදුනු තීන්දුවක් බැවින් එම අභියාචනා පෙත්සම පිළිබඳ සුදුසු පියවර ගැනීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා හමුවට යොමු කරන බව හා එය හෙට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා හමුවේ කැඳවන ලෙසයි.

2015 වසරේදී දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කරන තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම ඇතුළු චෝදනාවලට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වරදකාරිය වී මහාධිකරණයෙන් වසර තුනක සිරදඬුවම් නියම කරනු ලැබීය.

Author

Leave a Reply

Related Posts