ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වූ නිශාන්ත රණතුංග අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම කොමිසම විසින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
