රාජ්‍ය වතු සමාගම් යටතේ තිබූ වගා නොකරන ලද ඉඩම් බැහැර කිරීමට ආණ්ඩුව ගෙන තිබූ තීරණය සිය සංවිධානය මතුකරන ලද විරෝධතාවෙන් පසු ජනාධිපතිවරයා විසින් වෙනස් කරන බව දැනුම් දුන් බව ලංකා කම්කරු කොංග්රස් නායක ජීවන් තොන්ඩමාන් මාධ්‍යයට පවසා ඇත.
ඒ අනුව එම රාජ්‍ය වතුවලට අයත් ඉඩම්වල බදු කාලසීමාව දීර්ඝ කරන බව ජනාධිපතිවරයා තමන්ට දැනුම් දුන් බව ජීවන් තොන්ඩමාන් මහතා වැඩිදුරටත් පවසා ඇත.
ඔහු පවසා ඇත්තේ රාජ්‍ය වතු සංස්ථාවට අයත් හෙක්ටයාර් 117ක්, ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතේ පවතින හෙක්ටයාර් 88ක් හා ඇල්කඩුව ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් යටතේ ඇති හෙක්ටයාර 42ක් එසේ බැහැර කිරීමට නියමිතව තිබූ බවයි.
එමෙන්ම ලංකා කම්කරු කොංග්රස් නායකයා එහිදී කියා ඇත්තේ වගා නොකළ වතු ඉඩම් වතුකරයේ ජනතාව අතර බෙදා දෙන බවට ජාතික ජන බලවේගය මැතිවරණ ප්රචාරක සමයේදී හැටන් ප්‍රකාශය මගින් පොරොන්දු වූ බවයි.
