හිටපු පොලිස් පරීක්ෂක අජිත් ධර්මපාලගේ කුණ්ඩසාලේ නිවසට ගිනි තබයි

පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී සේවය අතහැර එංගලන්තයේ පදිංචියට ගොස් සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු ලෙස කටයුතු කරන අජිත් ධර්මපාල නනැමැති අයට අයත් මහනුවර කුණ්ඩසාලේ සදුන් මාවතේ පිහිටි නිවසට ඊයේ (09) අලුයම ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පල්ලේකැලේ පොලීසිය පරීක්ෂණ පවත්වයි.

මෙම ගිනි තැබීම ඊයේ (09) අලුයම 3.00 ට පමණ සිදුව තිබේ. එම අවස්ථාවේ කුලී පදනම මත එම නිවාස ලබාගත් පවුලක හය දෙනෙකු එහි පදිංචිව සිට ඇති බව පොලිස් පරීක්ෂණ මගින් හෙළිව ඇත.

නිවසේ ඉදිරිපස හා සාලය ආශ්‍රිත ප්‍රදේශයට පෙට්ට්‍රල් දමා මෙම ගිනි තැබීම සිදු කරන්නට ඇති බවට පොලීසිය සැක කරයි. සැක කටයුතු පුද්ගලයින් දෙදෙනෙකු අලුයම 3.00 ට පමණ මෙම නිවස දෙසට පැමිණ තිබෙන බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.
පෙට්ට්‍රල් ගෙනා බවට සැක කෙරෙන කෑන් එකක්ද පොලීසිය නිවස ආසන්නයේ තිබී සොයාගෙන ඇත.

ගින්නත් සමඟ ඇතිවූ අධික දුම ආඝ්‍රහනය වීමෙන් සිහිමුර්ජා තත්ත්වයට පත්වූ 34 හැවිරිදි කාන්තාවක් ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

නිවසේ සිටි අනෙක් පස් දෙනාට කිසිදු හානියක් සිදුව නොමැති කමුත් ඉන් නිවසේ භාණඩ වල හානි සිදුව තිබෙන බව පොලීසිය පවසයි.
පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවය කළ අජිත් ධර්මපාල මහතා පසුගිය ආණ්ඩු සමයේ දේශපාලනික වශයෙන් එල්ලවූ බලපෑම් හේතුවෙන් සේවයට වාර්තා නොකර විදේශ ගත විය.

සේවය අතහැර ගියාසේ සලකා පසුව පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඔහුව සේවයෙන් ඉවත් කරනු ලැබීය. දශක දෙකකට ආසන්න කාලයක් එංගලන්තයේ පදිංචිව සිටින අජිත් ධර්මපාල මහතා සමාජ මාධ්‍ය ඔස්සේ දේශපාලනය, පාතාලය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් බරපතළ විවේචන සිදුකරනු ලබයි. ගිනි තැබීම සිදුකළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පල්ලේකැලේ පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Author

Leave a Reply

Related Posts