බීමතින් රිය පදවා රිය අනතුරක් කිරීම සම්බන්ධයෙන් කොළඹ නාගරික රථවාහන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පොලිස් ඇප මත මුදාහැර ඇත.
දීපාවලී උත්සවය පැවති නොවැම්බර් 08 වැනිදා රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා පැදවූ ලෑන්ඩ් කෘෂර් වර්ගයේ ජීප් රථය තවත් ජීප් රථයක ගැටී එම අනතුර සිදුවී තිබේ.
එම අනතුරෙන් ජීප් රථ දෙකට අලාභානි සිදු වුවද කිසිවකුට තුවාල සිදුව නැති බව පොලීසිය ප්‍රකාශ කර ඇති අතර සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරි බව ප්‍රකාශ කර ඇත. එමෙන්ම මන්ත්‍රීවරයාට එරෙහිව කොළඹ රථවාහන අධිකරණය හමුවේ නඩු පවරන බවද ප්‍රකාශ කර ඇත.
