නඩු කටයුත්තට සහභාගී වීමට සුදුසු මානසික තත්වයක් නොමැති නිසා, උපයාගත් ආකාරය සනාථ කළ නොහැකි රුපියල් මිලියන 59 කට අධික මුදලක තැන්පතු සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ පවරා තිබූ නඩුවෙන් ඩේසි ෆොරස්ට් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
නඩු කටයුත්තකට සහභාගී වීමට තරම් සුදුසු මානසික තත්ත්වයක් ඩේසි ෆොරස්ට් හට නොමැති බවට කොළඹ අධිකරණ වෛද්‍යවරයා ප්රමුඛ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය විසින් නිකුත් කර ඇති නිර්දේශ සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
මහාධිකරණ විනිසුරු රශ්මි සෙංගප්පුලි හමුවේ මෙම නඩුව කැඳවනු ලැබූ අතර, එහිදී සංශෝධිත අධිචෝදනා පත්‍රය කියවීමෙන් අනතුරුව, අදාළ චෝදනාවට තමා නිවැරදිකරු බව විත්තිකාර යෝෂිත රාජපක්ෂ අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව නඩුකරයේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය එළැඹෙන දෙසැම්බර් මස 2 වැනි දින පැවැත්වීමට මහාධිකරණය නියෝග කර තිබේ.
උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ රුපියල් මිලියන 59 කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.
