විෂමාචාර සහ බරපතළ නීති විරෝධී ක්‍රියාවන් රැසකට සම්බන්ධ වීම හේතුවෙන්, අකුරැස්ස පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ උපපොලිස් පරීක්ෂකවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහ කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතවන කාන්තාවන් කිහිපදෙනෙකු සමඟ සමීප සබඳතා පැවැත්වීම, ඔවුන් ඇසුරු කිරීම සහ විවිධ ජාවාරම්කරුවන්ගෙන් මුදල් ලබා ගැනීම ඇතුළු චෝදනා මත මෙම නිලධාරියාට එරෙහිව චෝදනා පත්‍රයක් භාරදී ඇති අතර ඒ සම්බන්ධයෙන් පැවති අභ්‍යන්තර විමර්ශන හමුවේ අදාළ උපපොලිස් පරීක්ෂකවරයා තමාට එල්ල වී තිබූ සියලු චෝදනා පිළිගෙන තිබේ. ඒ අනුව මෙම දූෂිත නිලධාරියා සේවයෙන් පහ කිරීමට පොලිස්පති වරයා නියෝග කර ඇත.
එසේම මෙම නිලධාරියා වෙත පොලිස් දෙපාර්තමේන්තුවෙන් සහ රජයෙන් ලබා දී ඇති සියලු දේපළ අකුරැස්ස පොලිස් ස්ථානාධිපතිවරයා වෙත බාර දෙන ලෙසද මාතර ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරීවරයා අකුරැස්ස පොලිස් ස්ථානාධිපතිවරයා මගින් දැනුම් දී තිබේ.
මීට අමතරව, පසුගිය අප්‍රේල් මස අලුත් අවුරුදු සමයේදී අකුරැස්ස ප්‍රදේශයේ පැවති සාදයකට සහභාගී වූ පිරිසක් අත්අඩංගුවට ගෙන, ඔවුන් සතුව තිබූ රුපියල් ලක්ෂ පහක මුදලක් බලහත්කාරයෙන් කොල්ලකෑමේ සිදුවීමක් සම්බන්ධන්ද ඔහුට චෝදනා එල්ල වී තිබේ.
පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්තිනාමයට සහ විනයට හානි වන අයුරින් කටයුතු කළ මෙවැනි නිලධාරීන්ට එරෙහිව ඉදිරියටත් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මූලස්ථානය පවසා ඇති අතර ඒ අනුව, සියලු චෝදනා තහවුරු වීම හා වරද පිළිගැනීම මත අදාළ උපපොලිස් පරීක්ෂකවරයා මෙලෙස සේවයෙන් කර ඇත.
